• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ගංවතුරින් පීඩාවට පත් ජනතාවට රතු කුරුසයෙන් පානීය ජලය ලබා දෙයි

10 October 2023
in දේශීය

පසුගිය කාලය පුරා පැවති අධික වර්ෂාව හේතුවෙන් හටගත් ගංවතුරින් පීඩාවට පත් ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ජනතාවට බෙදාදීම සඳහා පානීය ජල බෝතල් ලීටර් පහළොස් දාහක් (15,000) ශ්‍රී ලංකා රතු කුරුස සමාජය විසින් ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ දී ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා හට අද (10) භාරදෙනු ලැබීය.

මේ වන විට ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයන්හී බොහෝ ප්‍රදේශවල ලිං සහ ජලසම්පාදන මණ්ඩලයේ පානීය ජල මූලාශ්‍ර බරපතළ ලෙස අපවිත්‍ර වී ඇති බැවින්, මෙම ප්‍රදේශවල ජනතාව උග්‍ර පානීය ජල හිඟතාවයකින් පෙළෙන බවට වාර්තා වේ. ඒ හේතුවෙන් එම ජනතාවගේ පානීය ජල අවශ්‍යතා සඳහා කඩිනම් සහනයක් ලෙස මෙම ජල බෝතල් ශ්‍රී ලංකා රතු කුරුස සමාජය මගින් ලබාදුන් බව ශ්‍රී ලංකා රතු කුරුස සමාජය ජ්‍යෙෂ්ඨ උප සභාපති ජගත් අභයසිංහ මහතා පැවසීය.

මෙම ගංවතුර හේතුවෙන් නිවාස හා දේපළ හානි සිදුවීම, කෘෂි කර්මාන්තය ඇතුළු ජීවනෝපාය මාර්ග බිඳවැටීම්, ව්‍යාපාර ආයතන අඩපන වීම, දරුවන්ගේ අධ්‍යාපනය හා පාසල් පද්ධතියට බාධා පැමිණීම වැනි හේතුන් මත මහජනයාගේ ජන ජිවිතයට බරපතල ලෙස බලපෑම් සිදුවී ඇත.

එබැවින්, පීඩාවට පත් ජනතාවට තම ජීවිත යථා තත්ත්වයට පත්කර ගැනීම සඳහා අවශ්‍ය සහන සැලසීමට රතුකුරුස ජාත්‍යන්තරයේ අවධානය ලබාගැනීම සඳහා අභියාචනයක් ඉදිරිපත් කරන ලෙස අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් ශ්‍රී ලංකා රතු කුරුස සමාජයෙන් ඉල්ලිමක්ද සිදුකරන ලදි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ විධායක කමිටු සාමාජික ආචාර්ය අමිල කංකානම්ගේ මහතා හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශ, ආපදා කළමණාකරන ඒකකයේ අතිරේක ලේකම් කේජී ධර්මතිලක මහතා ද සහභාගී විය.

Post Views: 11
Previous Post

මෙරට සිටින ඊශ්‍රායලය ජාතිකයින්ට සිය මව් රටට යාමට උපකාර කල යුතුයි – ජනපති

Next Post

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලයේ නව ලේකම් එම්.ඩබ්ලියු.ජගත් කුමාර වැඩ බාරගනී

editor

editor

Next Post

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලයේ නව ලේකම් එම්.ඩබ්ලියු.ජගත් කුමාර වැඩ බාරගනී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved