27 April 2024
#දේශීය

කොරෝනා ගැන අවධානම නිවැරදිව ජනතාවට කියන්න ඕනෑ – රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය

මෙරට පළමු සෞඛ්‍ය වෘත්තික කොවිඩ් 19 මරණය අද දින කරාපිටිය ශික්ෂණ රෝහලෙන් වාර්තා වී තිබෙන බව එය ඉතා කනගාටුදායක අවස්ථාවක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

අද (02) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී එම සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අළුත්ගේ මහතා පැවසුවේ වෛද්‍ය ගයාන් දන්තනාරායනගේ මරණය වැනි මරණ මෙන්ම සෙසු මරණද ඉදිරියේදී වළක්වා ගැනීම සඳහා බලධාරීන් අවශ්‍ය මැදිහත්වීම කාර්යක්ෂමව කළ යුතු බවයි.

අවධානම කනට ඇසෙනාවට වඩා ඇසට පෙනෙන්නට තිබිය යුතු බව හෙතෙම පැවසිය. එසේම වත්මන් තත්ත්වය නිවැරදි ලෙස ජනතාවට සන්නිවේදනය කළ යුතු බව ඔහු අවධාරණය කළේය.

තවදුරටත් මෙම රෝග ව්‍යාප්තිය පාලනය කරගැනීමේ හැකියාව අප සතුව පවතින බැවින් එ් පිළිබඳව නිවැරදිව ජනතාව දැනුවත් කිරීමෙන් යම් මට්ටමක මෙහි ඇති භායනක තත්ත්වය පාලනය කල හැකි බව වෛද්‍ය හරිත අළුත්ගේ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *