27 April 2024
#දේශීය

කොරෝනා ආසාදිතව තරුණ වෛද්‍යවරයෙකු මියයයි

රාගම රෝහලේ සේවය කරමින් සිටි තරුණ වෛද්‍යවරයෙකු කොවිඩ් -19 වැළඳී මියගොස් තිබේ. ඔහු වයස 32 හැවිරිදි එම වෛද්‍යවරයා කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත්වී ඇත.

කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් මෙරට දී වෛද්‍යවරයෙක් මියගිය පළමු අවස්ථාව මෙය ලෙස වාර්තා වෙයි.

ගයාන් වෛද්‍යවරයෙකු ලෙස මෙරට සේවය කිරීමට අවශ්‍ය විභාගයට මුහුණ දී ඉන් සමත්ව හලාවත, අම්පාර වැනි දුෂ්කර රෝහල්වල කාලයක් සේවය කර තිබුණි.

විශේෂයෙන් ළමා වාට්ටුවේ සේවාව කළ වෛද්‍ය ගයාන් දන්තනාරායන වෙහෙස මහන්සිය නොබලා දරුවන්ගේ ජීවිත බේරාගැනීමට මහඟු සේවයක් කළ අයකු හැටියට ප්‍රසිද්ධ ය.

වෛද්‍ය ගයාන් දන්තනාරායන මහතාගේ පියාත් දක්ෂ වෛද්‍යවරයෙකි.

මේ වනවිට ඔහුගේ මව හා බිරිඳ පවා සිටින්නේ කොරෝනා ආසාදිතවය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *