• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම ඇරඹේ

28 April 2021
in දේශීය

සෞඛ්‍ය කාර්ය මණ්ඩල සදහා ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් දෙවන මාත්‍රාව ලබාදීම අද දින (28) කොළඹ නගරයේ ප්‍රධාන ස්ථාන දෙකක දී ආරම්භ කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව කොළඹ 10, ඩාර්ලි පාර ප්‍රඡා මණ්ඩලයේ දී සහ කොළඹ 14, සුගතදාස ක්‍රීඩාංගණය ඉදිරිපිට නිව් බසාර් මාතෘ නිවාසයේ දී මෙම එන්නත්කරණ වැඩසටහන ආරම්භ කෙරුණි.

කොළඹ මහ නගර සභාවේ ප්‍රදේශීය වසංගත රෝග වෛද්‍ය දිනූකා ගුරුගේ මහත්මිය පැවසුවේ කොළඹ 10, ආර්නෝල්ඩ් රත්නායක මාවතේ ඩාර්ලිපාර ප්‍රඡා මණ්ඩලයේ දී සහ නිව් බසාර් මාතෘ නිවාසයේ දී කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ පළමු එන්නත් මාත්‍රාව ලබාගත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල 800 කට එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීමට කටයුතු යොදා ඇති බවයි. එමෙන්ම පළමු වර එන්නත ලබාගැනීමෙන් පසුව ප්‍රතිදේහ කොපමණ සෑදී තිබෙනවා ද යන්න සොයාබැලීම සදහා ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය මගින් සිදු කරන පරීක්ෂණ කටයුතු සදහා රුධිර සාම්පල ලබාගැනිම සිදු කරන බව ද පැවැසීය.

සුගතදාස ක්‍රීඩාංගණය ඉදිරිපිට නිව් බසාර් මාතෘ නිවාසයේ දී කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ පළමු එන්නත් මාත්‍රාව ලබාගත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින් 429 කට අද දින එන්නතෙහි දෙවන මාත්‍රාව ලබාදීමට නියමිත බව කොළඹ මහනගර සභාවේ දිශා අංක 01, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සසංක රණසිංහ මහතා පැවැසීය. එම ස්ථානයේ එන්නත් ලබාදීමේ වැඩසටහන අද දින (28) සිට සිකුරාදා (30) දින දක්වා සිදු කිරීමට නියමිත බවත් ඒ මහතා පැවැසීය.

ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව සදහා ලබාදීමට එන්නත් මාත්‍රා ලක්ෂ 03 ක් වෙන්කොට ඇත. ප්‍රථමයෙන් සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට සහ ආරක්ෂක අංශ සාමාජිකයින්ට දෙවන මාත්‍රාව ලබාදීමට නියමිතය. මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයේ මධ්‍යම එන්නත් ගබඩාව මගින් මුළු දිවයිනම ආවරණය වන පරිදි ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රා එන්නත බෙදාහැරිමට සියළු කටයුතු යොදා ඇත.

 

Post Views: 6
Previous Post

ජනපති හා චීන ආරක්ෂක ඇමැති අතර සාකච්ඡාවක්

Next Post

ඉන්දියාවට කොරෝනා එන්නත්කරණය අත්‍යවශ්‍යයි

editor

editor

Next Post

ඉන්දියාවට කොරෝනා එන්නත්කරණය අත්‍යවශ්‍යයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved