• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පාර්ලිමේන්තුවේ කටයුතු සෞඛ්‍යාරක්ෂිතව සිදු කරනවා බව මහ ලේකම්වරයා කියයි

11 January 2021
in දේශීය

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙක් කෝවිඩ් 19 වෛරසය අසාදනය වීම හේතුවෙන් ඇති වී තිබෙන තත්ත්වය මත සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් ලබා ගනිමින් සෞඛ්‍යාරක්ෂිත රෙගුලාසී අනුගමනය කරමින් පාර්ලිමේන්තුවේ කටයුතු අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යන බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධමිමික දසනායක මහතා පවසයි.

ඒ මහතා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ ඇතිවී තිබෙන තත්ත්වය පිළිබඳව සෞඛ්‍ය බලධාරීන් සමග සාකච්ඡා කොට උපදෙස් ලබා ගත් බවත් මේ වනවිට කෝවිඩ් 19 ආසාධිත මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ රැඳී සිටී සහ ගමන් ගත් ස්ථාන සියල්ල විෂබීජානුහරණයට ලක් කර අවසන් බවයි.

පාර්ලිමේන්තු කාර්යමණ්ඩලය අහඹු ලෙස තෝරා ගනිමින් පී.සී. ආර් (PCR) පරීක්ෂණ පවත්වන බව පැවසූ දසනායක මහතා ඉදිරි දින කිහිපය තුළදී කාර්ය මණ්ඩල සාමාජිකයන්ට පාර්ලිමේන්තු සංකීර්ණය තුළදීම පී.සී. ආර් (PCR) පරීක්ෂණයන්ට ලක් කිරීමට සෞඛ්‍ය අංශ සමග කටයුතු යොදා තිබෙන බවද සඳහන් කළේය. පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය ඉතා දැඩි ලෙස සෞඛ්‍ය රෙගුලාසි පවත්වාගෙන යමින් රාජකාරි කටයුතු සිදු කරන බවත් ඔවුන් ඉදිරියටත් එම තත්ත්වය අඛණ්ඩව පවත්වාගෙන යාමට සූදානමින් සිටින බවත් දසනායක මහතා පැවසීය.

මේ අතර, මීළඟ පාර්ලිමේන්තු රැස්වීම්වල කටයුතු තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 13 වැනිදා පස්වරු 2 ට රැස්වීමට නියමිතය.

එහිදි කථානායකතුමා සහ පක්ෂ නායකයන් ගනු ලබන තීරණ අනුව පාර්ලිමේන්තු කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමට මහ ලේකම් කාර්යමණ්ඩලය සූදානමින් සිටින බවද දසනායක මහතා පැවසීය.

 

 

Post Views: 10
Previous Post

යුක්රේන සංචාරකයින් ශ්‍රී දලදා මාලිඟාවේ සංචාරයක

Next Post

සාමුද්‍රීය සහයෝගිතා වර්ධනයට ශ්‍රී ලංකා බංග්ලාදේශ එකඟත්වය

editor

editor

Next Post

සාමුද්‍රීය සහයෝගිතා වර්ධනයට ශ්‍රී ලංකා බංග්ලාදේශ එකඟත්වය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved