• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

තත්ත්වය අතිශය දරුණුයි … කොළඹට පැමිණීම සීමා කරන්න – රෝසී සේනානායක කියයි

16 August 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ඉතාමත් අත්‍යාවශ්‍ය කරුණකට හැර කොළඹ නගරයට පැමිණීමෙන් වළකින ලෙසත්, හැකිතාක් නිවෙස්වලටම වී සිටින ලෙසත් කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනි රෝසී සේනානායක මහත්මිය පවසයි.

විශේෂ ප්‍රකාශයක් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඇය පවසන්නේ මේ වන විට කොළඹ නගරය පුරා කොරෝනා වෛසරය ඉතාමත් වේගයෙන් ව්‍යාප්ත වී සෑම ප්‍රදේශයකින්ම ආසාදිතයන් වාර්තාවන බවයි. කොළඹ නගරයේ ව්‍යාපාරික ස්ථානවලින් පවා කොරෝනා ආසාදිතයන් වාර්තා වී ඇති අතර, දිනකට කොරෝනා ආසාදිතයන් ඉතාමත් විශාල පිරිසක් මියයන බව ද ඇය පෙන්වා දෙයි.

නගරාධිපතිනී රෝසී සේනානායක මහත්මිය වැඩිදුරටත් මෙසේ සඳහන් කර ඇත.

“අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් මත කොරෝනා මර්ධන කමිටුව ප්‍රධානව සෞඛ්‍ය අංශයේ සෑම දෙනෙක්ම දැන් වසරකට වැඩි කාලයක් පුරා කොරෝනා මර්ධනයට ඉතාමත් විශාල මෙහෙවරක නියැලී සිටිනවා. නමුත් මේ වන විට අපි ගමන් කරමින් සිටින්නේ ඉතිහාසයේ කවදාවත් නොදැකපු නොසිතපු තරම් භයානක තත්වයකට. දිනෙන් දින රට පුරාම, විශේෂයෙන් ම කොළඹ නගරයෙන් වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවත් සිදුවන මරණ සංඛ්‍යාවත් වැඩි වෙමින් පවතිනවා. දැනට මාස කිහිපයකට පෙර දිනකට වාර්තා වූ මරණ සංඛ්‍යාවට වඩා වැඩි මරණ සංඛ්‍යාවක් දැන් පැයකදී සිදුවන බව පෙනෙන්නට තිබෙනවා. මෙය ඉතාමත් දරුණු තත්වයක්. මෙය පාලනය කරන්න පුළුවන් වන්නේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කිරීමෙන් පමණක් බව සෞඛ්‍ය අංශ දිගින් දිගටම පවසනවා. ඒ නිසා මම කොළඹ පදිංචි සියලුම දෙනාගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා නිවෙස්වලටම වී සිටින්න. ඒ වගේම කොළඹ නගරයට දිනකට පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත පිරිසගෙන් ඉල්ලා සිටිනවා අත්‍යාවශ්‍ය කාරණයකට හැර කොළඹට එන්න එපා. ඔබ කොළඹට එනවා කියන්නේ දැඩි ජීවිත අවධානමකට ලක්වීමක්. ඒ නිසා කොළඹට එන්න පෙර එක්වරක්, දෙවරක් නොවෙයි කිහිප වරක්ම හිතන්න මා මේ සඳහා යා යූතුම ද? මට මේ කාර්යය කර ගැනීමට වෙනත් ක්‍රමයක් නැද්ද ? මම කොළඹට ගියොත් දරුවන්ට, මාගේ අම්මා තාත්තාට කෙරෝනා බෝවිය හැකියි නේද ? යන කරුණු නැවත නැවතත් හිතන්න. ඔබේ සේවා ස්ථානය තිබෙන්නේ කොළඹ නම් සේවා ස්ථානයේ ප්‍රධානියා සමඟ සාකච්ඡා කරන්න. නිවසේ සිට වැඩ කිරිමට කටයුතු යොදා ගන්න.”

මේ අතර රෝසී සේනානායක මහත්මිය පවසන්නේ කොළඹ නගර සීමාවේ සෑම ප්‍රදේශයකින්ම කොරෝනා ආසාදිතයන් වාර්තාවී ඇති අතර, ව්‍යාපාරික හා සේවා ස්ථාන රැසක ද ආසාදිතයන් වාර්තා වී ඇති බවයි.

අත්‍යාවශ්‍ය සේවාවන් සහ සැපයුම් අඛණ්ඩව පවත්වගෙන යාමේ අවශ්‍යතාව හේතුවෙන් රට විවෘතව තබා පළාත් අතර දැඩි සංචරණ සීමා පනවා ඇති නමුත් දිස්ත්‍රික්කය තුළ සහ නගර සභා බල ප්‍රදේශයේ සංචරණ සීමා නැතැයි සිතා නිවසින් බැහැරව ගමන් කිරීම නොකරන ලෙස ද ඇය පදිංචිකරුවන්ගෙන් සහ කොළඹට පැමිණෙන සියලු දෙනාගනේ වැඩිදුරටත් ඉල්ලා සිටියි.

මේ වන විට වෛද්‍ය විශේෂඥයින් පවසනවා දැනට ශ්‍රි ලංකාවේ පැතිරයන කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය තත්පර15 ක් වැනි ඉතාමත් කෙට් කාලයකදී පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට බොවෙන්න පුළුවන් කියා. මුල් අවසථාවේ තිබූ වෛසර ප්‍රභේදය ආසාදනය වීමට විනාඩි 10 ක් පමණ ගියා. එයින්ම පැහැදිලි වෙනවා මේ වන විට අපි කොතරම් භයානක අවස්ථාවකට එළැඹිලා සිටිනවාද කියා. මේ නිසා මම ඉතාමත් ඕනෑකමින් කාරුණිකව සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ කොහේවත් යන්න එපා. කොළඹ තත්වය ඉතාමත් දරුණුයි. අපේ කොළඹ මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව දැන් වසරතට වඩා වැඩි කාලයක් පැය 24ම වෙහෙසෙමින් මේ වසංගතය පාලනය කිරීමට කටයුතු කරනවා. අපේ සෞඛ්‍ය අංශ වලට ඊට ශක්තිය තිබෙනවා. නමුත් අවශ්‍ය වන්නේ ඔබේ සහයෝගය. මේ දරුණු වසංගතය පාලනය කිරිමටනම් සෞඛ්‍ය අංශ කොතරම් වෙහෙස වුවත් ඔබ සෞඛ්‍ය උපදෙස් පිළිපදින්නේ නැතිනම් එය පාලනය කළ නොහැකියි. නිවසේ හොදින් නීරෝගීව සිටින ඔබ ගෙදරින් එළියට බහිනවා කියන්නේ, නැතිනම් වෙනත් ස්ථානයක සිට කොළඹ නගරයට පැමිණෙනවා කියන්නේ ඔබ බොහෝ විට කොරෝනා වෛරසය සමඟ නැවත නිවසට යනවා කියන එකයි.

කොළඹ නගරයෙන් කොරෝනා ආසාදිතයන් විශාල වශයෙන් වාර්තා විම හේතුවෙන් මේ න විට අති විශාල පිරිසත් නිරෝධායනය සඳහා යොමු කිරීමට සිදුව ඇති බවද නගරාධිපතිනිය පෙන්වා දෙයි. රෝහල්ගත කිරීමට සිදුවන ආසාදිතයන් අතරින් වැඩි පිරිසක් දරුණු රෝග ලක්ෂණ පෙන්වීම හේතුවෙන් ඔවුන්ට ශ්වසන ආධාරක ලබා දීමට ද සිදුව ඇති බව ඇය පෙන්වා දෙයි.
මේ වනවිට රෝහල්වල මෙන්ම නිවෙස්වල ද කොරෝනා ආසාදිතව මියයන සංඛ්‍යාව වෙන කවරදාටත් වඩා ඉහල ගොස් ඇත. මෙම භයානක තත්වය තේරුම්ගෙන තමන්ගේ ජීවිතයත් තම ආදරණීයයන්ගේ ජීවිතයත් ආරක්ෂා කර ගැනීම සඳහා නිවසේම රැදි සිටින ලෙස ඇය අවධාරණය කරන්නනේ තවදුරටත් වසංගතය පාලනය කිරීමට ජනතා සහයෝගය දැඩිව අවශ්‍ය බව පවසමිනි.

එමෙන්ම මෙතෙක් කෙරෝනා මර්ධන එන්නත ලබා නොගත් කවරෙතු හෝ සිටින්නේ නම් හැකි ඉක්මනින් එන්නත ලබා ගන්නා ලෙසත් එන්නත ලබා ගත් පමණීන් කොරෝනා වලින් සුරක්ෂිත වේ යැයි නොසිතා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙසත් නගරාධිපතිනිය පවසයි.

ඇය පහත සඳහන් කරුණූ කෙරෙහි සියලු දෙනාගේ අවධානය යොමුකර තිබේ.

• අත්‍යාවහ්‍ය කරුණකට හැර නිවසින් බැහැරව නොයන්න. නිවසින් බැහැරව යන්නනේ නම් සෑම විටම හොදින් ගැලපෙන මුඛ ආවරණයක් හෝ ආවරණ දෙකක් පැළද සිටින්න. කිසිදු අවස්ථාවක

එම මුඛ ආවරණය ඉවත් නොකරන්න.( ඩෙල්ටා ප්‍ර භේදය ශරීරගත වීමට තත්පර 05 ක කාලයක් ප්‍රමාණවත්ය.)

• සෑම අවස්ථාවකදීම සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යන්න.

 

• ඔබට යම් සේවාවක් ලබා ගැනීමට අවශ්‍යනම් එය හැකිතාත් ඔන්ලයින් ක්‍රමයට ලබා ගැනිමට උත්සහ ගන්න. (කොළඹ නගර සභාවට අදාළ බොහෝ සේවා ඔන්ලයින් ක්‍රමයට ලබා ගැනීමට හැකියාව සළසා ඇත.)

• අත්‍යාවශ්‍ය කරුණකට ඔබ නිවසින් බැහැරව යන්නේ නම් නිවසින් පිටත ගත කරන කාලය හැකිතාක් අවම කරන්න.

 

• කිසිදු අමුත්තෙකුට අත්‍යාවශ්‍ය අවස්ථාවකදී හැර ඔබේ නිවසට පැමිණීමට ඉඩ නොදෙන්න.

• රජය විසින්, අත්‍යාවශ්‍ය සේවාවන් සීමිත ප්‍රමාණයක් පවත්වාගෙන යාමට අවසර ලබා දී ඇති බව ඔබ දන්නා කරුණකි. මෙම අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන වෙනත් කිසිදු කාර්යයක නියැළීමෙන් වළකින ලෙස ද ඉල්ලා සිටිමි.

 

• ආපනශාලා, හෝටල් , වෙළදසැල් සහ සුපිරි වෙළදසැල් ඇතුළු ව්‍යාපාරික ස්ථාන සහ ඒවායේ ඉඩ පහසුකම් පිළිබඳව සැළකිලිමත් වන්න. එම ස්ථාන සියල්ලේම සමාජ දුරස්ථභාවය ගැන සැළකිලිමත්වීම, පැමිණෙන අයගේ තොරතුරු තබා ගැනිම සහ ඔවුන්ගේ උෂ්ණත්වය පරීක්ෂා කිරිම අත්‍යාවශ්‍යම වන අතර සෑම විටම දෑත් පිරිසිදුකර මුඛ ආවරණ සහිතව පැමිණෙන අය පමණක් එම ස්ථානයන්ට ඇතුළුකරගැනීමට වගබලා ගත යුතුය. එක් අයෙකු හෝ මේ පියවර අනුගමනය නොකළහොත් හෝ නොසළකා හැරියහොත් සමාජ වගකිම පැහැර හරිනවා පමණක් නොව තවත් කිහිප දෙනෙකුගේ ජීවිතද අවදානමේ දමනු ඇත.

• සෑම අවස්ථාවකදිම ඔබේ රැකියාව කරගෙන යාමද නිවසේ සිටිමින් සිදු කරන්නේනම් එය වඩාත් සුදුසු වනු ඇත. නමුත් ඔය කාර්යාලයට හෝ සේවා ස්ථානයට යාම අත්‍යාවශ්‍ය නම් සඳහා සෙඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් සුරක්ෂිතව ගමන් කරන ලෙසත් ඉල්ලා සිටින අතර ඔබේ සේවා ස්ථානයේ සේවක සේවිකාවන් හැකිතාක් නිවසේ සිට සේවය කරන ලෙස දිරිමත් කරන්න යැයිද ඔවුන්ගේ ආරක්ෂාව සහතික කරමින් සේවා මුර ක්‍රමයට අවම සේවක සේවිකාවන් පිරිසක් සේවයට කැඳවන ලෙසත් ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටිමි.

• මෙම වසංගත කාලයේදී රැකියාවට යාමට නොහැකි වුවහොත් තම රැකියාව අහිමිවී යනු ඇතැයි සිතමින් ඇතැම් සේවක සේවිකාවන් අනවශ්‍ය අවදානම් දැරිමට කටයුතු කරන බව අපට නිරීක්ෂණය වී තිබේ. මේනිසා ඔවුන්ට එවැනි හැගීමක් ඇති නොවන ආකාරයෙන් ඔවුන්ගේ සේවා පරිසරය සුරක්ෂිත කිරීම සේවා යෝජකයන්ගේ වගකීම වන බවද මේ අවස්ථාවේ සිහිපත් කරන්නෙමු.

 

නැවත වරක් මම කොළඹ පදිංචි සහ කොළඹට පැමිණෙන ඔබ සැමගෙනුත් ව්‍යාපාරික ආයතනවලිනුත් ඉල්ලා සිටින්නේ දැනට පවතින සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩි ලෙස පිළිපදින ලෙසයි. මේ සඳහා කළ යුකු වන්නේ සෞඛය අමාත්‍යංශයෙන් නිකුත් කර ඇති නිල මාර්ගෝපදේශ පදනමක් ලෙස ගෙන තමන්ගේ සහ තම සමීපතමයන්ගේ ආරක්ෂාව සහතික කරලීම සදහා සඳහා ඊටත් වඩා දැඩි ආරක්ෂිත ක්‍රම ඔබ සැම විසින් අනුගමනය කළ යුතු බවයි.අපි මීට පෙර කිසිදු දිනක අත් නොදටු අතිශය භයංකාර අත්දැකීමක් වෙත ගමන් කරමින් සිටින්නෙමු. තත්වය තවදුරටත් දරුණු වීමට කිසිසේත්ම ඉඩදිය නොහැක. දැනටමත් එය අප දැඩි අපහසුතාවයකට පත් කර ඇතත් මෙය තාවකාලික ගැටලුවක් බවත් සාමුහිකව එකාවන්ව දැඩි සේඛ්‍ය මාර්ගොපදේශ පිළිපදිමින් මේ භියකරු අවස්ථාව පරාජය කිරිමට වගකිමෙන් හා පරාර්ථකාමීව කටයුතු කරමු.

 

Post Views: 6
Previous Post

මහනුවර ශ්‍රි දළදා පෙරහරේ හස්තින්ට මෙවර දේශිය බතික් ඇඳුම්

Next Post

වසංගතයක් අස්සේ වෙනස් වු ඇමැති ධුර සංශෝධනය . නව පත්වීම් මෙන්න

editor

editor

Next Post

වසංගතයක් අස්සේ වෙනස් වු ඇමැති ධුර සංශෝධනය . නව පත්වීම් මෙන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved