27 April 2024
#දේශීය

ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකාණු මහ කොමසාරිස්වරයා කථානායකවරයා හමුවෙයි

ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකාවේ මහ කොමසාරිස් එඩ්වින් ෂාක් මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන පසුගියදා (28) පාර්ලිමේන්තුවේදී හමුවිය.

දෙරටේ පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගම් හරහා ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ද්විපාර්ශ්වික සබඳතා තර කර ගැනීම පිළිබදවද මෙහිදී සාකච්ඡා විය.

දකුණු අප්‍රිකාණු රජය අභියෝගාත්මක අවස්ථා ජයගත් අයුරු මෙන්ම දකුණු අප්‍රිකාණු රජය සත්‍ය සහ ප්‍රතිසංධාන කොමිසම පිහිටුවා ගැටලුවලට විසදුම් ‍ලබා දුන් ආකාරය පිළිබදවද මෙහිදී මහකොමසාරිස්වරයා ‍කරුණු පැහැදිළි කළේය. සියලු ජාතින් සහ පාර්ශවයන් සාකච්ඡා කොට මූලික එකගතාවකට පැමිණීමෙන් පසු මෙම කොමිසම පිහිටුවා ඒ අනුව තීරණ ගත් බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *