• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මාතලේ ඩෙංගු ව්‍යාප්තිය වැඩිවෙයි

23 May 2023
in දේශීය

මාතලේ දිස්ත්‍රික්කයේ ජනවාරි සිට මේ මාසය දක්වා ඩෙංගු රෝගින් 551ක් දෙනෙකු වාර්තා වි ඇති බව මාතලේ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේදි අනාවරණය විය.

මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති /මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ සහ කමිටු සම සභාපති/පාර්ලිමෙන්තු මන්ත්‍රි නාලක බණ්ඩාර කොට්ටේගොඩ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කමිටු රැස්විම පැවති අවස්ථාවේදි මෙම කරුණු අනාවරණය විය.

කමිටුව හමුවේ අදහස් දැක්වු මාතලේ දිස්ත්‍රික් වසංගත රෝගවේදඥ වෛද්‍යවරිය කියා සිටියේ මාතලේ දිස්ත්‍රික්කයේ මාතලේ ,දඹූල්ල,ගලේවෙල,රත්තොට,උකුවෙල පල්ලේපොල යන වෛද්‍ය නිලධාරි කොට්ඨාශවල ඩෙංගු රෝගය වැඩි වශයෙන් ව්‍යාප්තවන වන බවත් ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරිම ඇතුලු ඩෙංගු රෝගය මැඩලිම සදහා ගතයුතු පියවරයන් මේ වන විටත් දිස්ත්‍රික්කය පුරා ක්‍රියාත්මක බවත් ජනතාව දැනුවත් කිරිම් කටයුතු අඛණ්ඩව සිදු වන බවය.

මෙහිදි අදහස් දැක්යු ඇය වැඩිදුරටත් කියා සිටියේ මෙතෙක් වාර්තා වි ඇති ඩෙංගු රෝගින් අතුරින් වයස අවුරුදු 5ට අඩු රෝගින් 26 දෙනෙකුද වයස අවුරුදු 6ත් 19ත් අතර වයස් කාණ්ඩයේ රෝගින් 101 දෙනෙකුද වයස අවුරුදු 20ත් 60ත් අතර වයස් කාණ්ඩයේ රෝගින් 381ක් දෙනෙකුද වයස අවුරුදු 60ට වැඩි රෝගින් 47 දෙනෙකුද මෙසේ වාර්තා වි ඇති බවය.

මෙහිදි අදහස් දැක්වු මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතා කියා සිටියේ ඩෙංගු රෝග ව්‍යාප්තිය වැලැක්විම සදහා රාජ්‍ය ආයතන,පාසල් නිවෙස් ඇතුලු සියලු ස්ථාන වල සතියකට එක් දිනක් හෝ වෙන් කරවාගෙන ශුද්ධ පවිත්‍ර කිරිමට පියවර ගන්නා ලෙසය.ඉදිරියේදා පාසල් නිවාඩු කාලයේදි පාසල් පරිශ්‍ර පිරිසිදුව පවත්වාගෙන යාම සදහා අදාල ක්‍රියාමාර්ග ගැනිම විදුහල්පතිවරුන් ඇතුලු පාසල් ප්‍රජාවට පැවරෙන බවත් පළාත් පාලන ආයතනවල‍ කොමසාරිස්වරුන් සහ ලේකම්වරුන් විසින් වහාම අදාළ කටයුතු සදහා ප්‍රමුඛත්වය ගෙන කටයුතු කළ යුතු බවද පෙන්වා දුන්හ.

වැඩිදුරටත් අදහස් දැක්වු ආණ්ඩුකාරවරයා කියා සිටියේ දේශීය වෛද්‍ය ක්‍රමය තුළ ඩෙංගු රෝගය වැලැක්විම සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ඩෙංගු මදුරුවන් පලවා හැරිම සදහා ආයුර්වේද ක්‍රම මගින් සිදු කිරිමට හැකි ක්‍රියා මාර්ග ගැනිම සදහා අවශ්‍ය ප්‍රතිපාදන පළාත් සභාව මගින් ලබා දිමට හැකි සහයන් ලබා දෙන ලෙස පළාත් සභා බලධාරින්ට මෙහිදි උපදෙස් දෙනු ලැබිය.

මෙම කමිටු රැස්විම සදහා පාර්ලිමෙන්තු මන්ත්‍රිනි රෝහිණි කුමාරි විජේරත්න,මධ්‍යම පළාත් සභාවේ සභාපති ඇල්.ඩි නිමලසිරි,මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ,මාතලේ මහ දිසාපති තේජානි තිලකරත්න,අතිරේක දිසාපතිවරුන් වන නිශාන්ත කරුණාතිලක.චමිලා අතපත්තු,මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් මේනක හේරත්,මාතලේ කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරි අනුරුද්ධ බණ්ඩාරනායක යන මහත්ම මහත්මින් ප්‍රාදේශීය‍ ලේකම්වරුන් ඇතුලු රාජ්‍ය නිලධාරින් රැසක් එක්වි සිටියහ.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Post Views: 22
Previous Post

වැඩ බලන මුදල් ඇමැති රංජිත් පත් කෙරේ

Next Post

විශ්‍රාම වැටුප් ගෙවීම් විධිමත් කර ඒ පිළිබඳ ජනතාව දැනුවත් කරන්න

editor

editor

Next Post

විශ්‍රාම වැටුප් ගෙවීම් විධිමත් කර ඒ පිළිබඳ ජනතාව දැනුවත් කරන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved