27 April 2024
#ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හෙට එංගලන්තය යාමට නියමිතයි

එංගලන්තය සමඟ පැවැත්වෙන එක් දින සහ 20-20 ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (09) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

කණ්ඩායමේ නායකත්වය කුසල් ජනිත් පෙරේරා දරනු ලබයි.

කණ්ඩායමට ක්‍රීඩකයින් 24ක් ඇතුළත්. ශ්‍රී ලංකා-එංගලන්ත ක්‍රිකට් තරගාවලියට 20-20 තරග 3ක් සහ එක්දින තරග 3ක් ඇතුලත්.

පළමු 20-20 තරගය ලබන 23 වනදා කාඩ්ෆ්හිදී පැවැත්වේ. ජුලි මස 4 වැනිදා පැවැත්වෙන තුන්වැනි එක්දින තරගයෙන් පසුව තරගාවලිය අවසන් වේ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *