1 May 2024
#දේශීය #පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කෙහේවත් එල්ලන්නේ නෑ – මන්ත්‍රී දුමින්ද

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවේ එල්ලන්නේ සුදානමක් නොමැති බවත් නිදහස් පක්ෂය යළි ගොඩනැගිමේ වැඩපිළිවෙලක් සිදු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ අද (18) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. එහිදී ඒ මහතා පැවසුවේ තමා ඇතුළු පිරිස මේ වන විට නිදහස් පක්ෂය වෙනුවෙන් පෙනී සිටින අතර පක්ෂය වෙනුවෙන් පෙනී සිටින අය මේ ගැටළු නිරාකරණය කිරීමට එක්වන ලෙසයි.

මෙය යම් සෙල්ලම් ලෙස නොසලකා ඉතා වගකිමෙන් මේ සම්බන්යෙන් කටයුතු කල යුතු බවත් මේ වන විට එක්වීමට කැමැති පිරිසට අවස්ථාව ඇති බව මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *