27 April 2024
#දේශීය

රේගුවේ රඳවාගෙන ඇති කිරිපිටි තොගය සතියක් ඇතුළත මුදා හැරීමට සූදානම් – රාජ්‍ය අමාත්‍ය රංජිත්

ආනයනකරු නීතිමය අවශ්‍යතා සපුරාලන්නේ නම් නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කිරීම හේතුවෙන් රේගුවේ රඳවාගෙන සිටින කිරිපිටි තොගය කල් ඉකුත් වීමට පෙර මුදා හැරීමට සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ රඳවාගෙන ඇති කිරිපිටි තොගය පිළිබඳ අද (29) පාර්ලිමේන්තුවේ දී අමාත්‍යාංශ ප්‍රකාශයක් කරමිනි.

ඍජු පරි¬භෝජනය සඳහා කිරිපිටි ආනයනය කිරීම ආනයන අපනයන පාලක ජනරාල්ගේ බලපත්‍රයකින් තොරව සිදු කළ හැකි වුව ද කිසියම් ද්‍රව්‍යයක් අමුද්‍රවයක් ලෙස ආනයනය කරන්නේ නම් ඊට අදාළ පූර්ව අනුමැතිය අවශ්‍ය වේ. කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ නිර්දේශයට අනුව මෙම කිරිපිටි තොගය ආනයනය කර ඇත්තේ චොකලට් සහ කිරි තේ නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍යක් ලෙස ය. එබැවින් මෙම කිරිපිටි තොගය ආනයනය කර ඇත්තේ නීති විරෝධී ලෙස බැවින් ඊට අදාළ නීතිමය ක්‍රියාවලිය සම්පූර්ණ කළ යුතු ය.

කෙසේ වෙතත් ආනයනයකරු විසින් අදාළ නීතිමය අවශ්‍යතා සම්පූර්ණ කරන්නේ නම් සතියක් තුළ රේගු පරීක්ෂණ අවසන් කර කල් ඉකුත් වීමකින් තොරව කිරිපිටි තොගය නිදහස් කිරීමට හෝ නිත්‍යානුකූලව බැහැර කිරීමට රේගු දෙපාර්තමේන්තුව සූදානම් බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් පවසන්නේ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *