• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

තවමත් අරගලය අවසන් නැහැ.ගෙවී යන දින කිහිපය තීරණාත්මකයි – මන්ත්‍රී හරීනි

10 July 2022
in දේශීය

අරගලයේ ජයග්‍රහණ ආරක්ෂා කරගනිමින්, පුරවැසියන් බලගතුවීම ආරක්ෂා කරගනිමින් කටයුතු කිරීම පත්වෙන ඕනෑම ආණ්ඩුවක වගකීමක් බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැවසුවාය.

ඇය මේ බව පැවසුවේ අද (10) කොලඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී ඇය වැඩිදුරටත් මෙසේ අදහස් පල කලේය ” බලසම්පන්න ජනාධිපතිවරයෙක් සහ ආණ්ඩුවක් අතිශයින්ම සාමකාමී, ප්‍රජාතන්ත්‍රවාදය ගරුකළ ජනතා අරගලයක් තුළින් දණගැස්වීම ලෝක ඉතිහාසයට එකතු වෙනවා. මෙතන ජයග්‍රහණ කිහිපයක්ම තිබෙනවා. ජනතාවගේ හැඟීම්, ඔවුන්ගේ වේදනාවන් ගැන නොතැකූ පාලකයන්ට විරුද්ධව මේ අරගලය විශාල බාධක මැද්දේ සිදුකර ජයග්‍රහණය ලැබුවා.

ජනතාවට මුහුණ නොදී බංකරයක සිටි ජනාධිපති සහ හොර පාරෙන් පත්වුණු අගමැති ගෙදර යවන තැනකට පොදු ජනතාවගේ ශක්තිය තුළින් අරගලය ගෙනාවා. ලෝක ඉතිහාසයේ මෙවැනි බලගතු ආණ්ඩු පෙරළන එක ප්‍රචණ්ඩත්වයකින් තොරව සිදුකිරීම ලෝක ඉතිහාසයට එකතු වෙනවා. වෙනත් රටවල විශාල ලේ වැගිරීම් තුළින් මෙවැනි අරගල ජයගත්තේ. මෙහිදී ආණ්ඩුව පැත්තෙන් මිස අරගලකරුවන්ගේ පැත්තෙන් කිසිදු ප්‍රචණ්ඩත්වයක් සිදු කළේ නැහැ. අවසානයේ ලේ වැගිරීම් කිහිපයක් සිදු වුණත් ඒ ආණ්ඩුව ක්‍රියාකළ ආකාරය නිසයි.

පොලිසිය සහ හමුදාව අරගලකරුවන් හා එක්ව සිතින් බැඳී ගිය බවත් රාජකාරිය කිරීම සඳහා යම් කටයුතු කළ බවත් පැහැදිලි වුණා. මේ සියල්ල අතරේ අරගලය අවසන් කියලා අපි හිතන්නේ නැහැ. තව කළ යුතු බොහෝ දේ තිබෙනවා. ඊයේ පක්ෂ නායකයන්ගේ රැස්වීමේදී ගත් තීරණ ක්‍රියාත්මක කිරීම පිළිබඳ අපි අවධානයෙන් ඉන්නවා. ජනාධිපති සහ අගමැති වහාම අස්වී, සියලුම පක්ෂ සහභාගීවන නිශ්චිත වැඩපිළිවෙළක් සඳහා ඉතාමත් කෙටි කාලයකට අන්තර්කාලීන පාලනයක් පිහිටුවා ගත යුතුයි. ඉන්පසු මැතිවරණයක් හරහා ජනතාවගේ පාලනයක් පිහිටුවා ගැනීමට ඉඩදිය යුතුයි. අරගලයෙන් පිළිබිඹු වුණු හරය ක්‍රියාත්මක කිරීමේ හැකියාව ජනතාවාදී පාලනයකින් ඉටුකර ගත යුතුයි. අරගලයෙන් ප්‍රකාශ වුණු දේශපාලන පරිවර්තනය, දේශපාලන සංස්කෘතියේ පරිවර්තනය, ඒ ආණ්ඩුව තුළින් සිදුකළ යුතුයි. තෙල්, ගෑස් ලබාගැනීමට විතරක් අරගලය ලඝු කරනවා නම්, එය ඉතාම අහිතකර දෙයක්. අරගලය ඊට වඩා පුළුල් සහ ශ්‍රේෂ්ඨ අරමුණු සහිත අත්‍යවශ්‍ය වෙනස්කම් සිදුකිරීමට ගෙනගිය එකක්. ජනතාව ගැන සිතන ආකාරය, දේශපාලන සංස්කෘතිය, පාලකයා සහ පුරවැසියා අතර සම්බන්ධතාවය, ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම, ජාතික ගැටලුව කෙසේ විසඳිය යුතුයිද ආදී පුළුල් අරමුණු මේ තුළ තිබෙනවා. ඉතිහාසයේ සිදුකළ වැරදි නිවැරදි කර ගන්නේ කොහොමද කියලා මේ සාකච්ඡා තුළ විමසා බලනවා.

මෙම ඉල්ලීම් ඉදිරි මැතිවරණයකින් පත්වන ආණ්ඩුවට ඉටුකිරීමේ වගකීමක් තිබෙනවා. අරගලයේ ජයග්‍රහණ ආරක්ෂා කරගනිමින්, පුරවැසියන් බලගතුවීම ආරක්ෂා කරගනිමින් කටයුතු කිරීම පත්වෙන ඕනෑම ආණ්ඩුවක වගකීමක්. ගෙවීයන මේ දවස් කිහිපය තීරණාත්මකයි. ප්‍රකාශ විතරක් මදි, ක්‍රියාමාර්ගවලින් වචන තහවුරු කළ යුතුයි. ඊළඟට සිදු කරන ක්‍රියාමාර්ග ගැන පැහැදිලි එකඟතාවයකට එන්න ඕනෑ. අන්තර් කාලයකට පත්වන පාලනයෙන් මූලික ගැටලු විසඳා මැතිවරණයක් පවත්වන තෙක් අරගලයේ මූලික හරය පවත්වාගෙන යාමත් අවශ්‍යයි. ජයග්‍රහණය භුක්ති විඳිනවා වගේම අවසාන අරමුණු ඉටුවන තෙක් මේ තුළ පුරවැසියන් රැඳී සිටීම අත්‍යවශ්‍ය බවත් අවධාරණය කරනවා. ඇත්ත වශයෙන්ම මේ ජනතා විප්ලවයෙන් දිනාගත් දේවල් රැක ගැනීමටත් විශාල වගකීමක් තිබෙනවා.යැයි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය වැඩිදුරටත් කියා සිටියාය.

 

Post Views: 8
Previous Post

රටේ සාමය පවත්වාගෙන යන්න සහය දෙන්න – ආරක්ෂක අංශ

Next Post

ජනපති ගෝඨාභය අස්වන බව අගමැතිට නිල වශයෙන් දැනුම් දීලා

editor

editor

Next Post

ජනපති ගෝඨාභය අස්වන බව අගමැතිට නිල වශයෙන් දැනුම් දීලා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved