• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මෙරට සමස්ත පලතුරු නිෂ්පාදනය මො.ටො 11000 ක්

9 July 2018
in සංවර්ධන

අපේ රටට වාර්ෂිකව පලතුරු මෙට්‍රික් ටොන් 54,000ක් ආනයනය කරන අතර අපේ සමස්ත වාර්ෂික නිෂ්පාදනය පලතුරු මෙ.ටො. 11,200 ක් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ හොරණ කනන්විල පලතුරු තාක්ෂණ පර්යේෂණ හා සංවර්ධන ආයතනය විසින් සිව්වන වරටත් සංවිධානය කරන ලද පලතුරු තාක්ෂණ ප්‍රදර්ශනය ඊයේ (07) පැවැති අවස්ථාවට එක්වෙමින්.

මෙම ප්‍රදර්ශනය අද දින (07) සිට මෙම මස 09 දින දක්වා පැවැත්වේ. එහිදී පලතුරු පැල අලෙවි කිරීම, වගා කටයුතු සඳහා උපදෙස් ලබා දීම, පලතුරු අලෙවිය හා පලතුරු ආශ්‍රිත නිෂ්පාදන හඳුන්වා දීම ඇතුලු ප්‍රදර්ශන කුටි 60කින් පමණ සමන්විතය.

අක්කර 300ක භූමියක පිහිටා තිබෙන කනන්විල පලතුරු තාක්ෂණ හා සංවර්ධන ගොවිපොළ දැනට ආසියාවේ තිබෙන පලතුරු පර්යේෂණ සඳහා වන විශාලතම ගොවිපොළ වේ. ලංකාවේ මෙන්ම විදේශයන්හි වැවෙන පලතුරු ඇතුළත් වර්ග 600ක් මෙම ගොවිපොළ තුල වගා කෙරේ.

මෙහිදී අදහස් පළ කළ අමාත්‍ය මහින්ද අමරවීර මහතා “මෙම පර්යේෂණ ගොවිපොළ ඉතාමත් අලංකාරව හා සාර්ථකව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් මම මෙහි සියලුම නිලධාරින්ට ස්තුතිය පළ කරනවා. අද අපේ රටේ දෛනික ඒකපුද්ගල පලතුරු පරිභෝජනය ග්‍රෑම් 95ක්. නමුත් අඩුම තරමින් එක පුද්ගලයෙක් දිනකට පලතුරු ග්‍රෑම් 200ක් වත් පරිභෝජනය කළයුතුයැයි සම්මතයක් තිබෙනවා. අපේ රටේ වාර්ෂික පලතුරු නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 11,200ක්. නමුත් වාර්ෂිකව අපි විදේශ රටවලින් මෙරටට පලතුරු මෙ. ටොන් 54,000ක් ආනයනය කරනවා. මිදිවලට අපි 2017 වැය කර තිබෙනවා රු. මි. 2766ක්. දොඩම් ආනයනය කිරීම රු. මි. 958ක් වැය කරනවා. මේ විදියට ඇපල්, පෙයාර්ස් වැනි පලතුරු ආනයනය කරන්න අති විශාල මුදලක් වැය කරනවා. ඒ නිසා තමයි මම අපි වවලයි- අපි කන්නේ වැඩ පිළිවෙළ හදුන්වා දුන්නේ. අතීතයේ අපි වවලා අපි කෑවා විතරක් නොවෙයි අතිරික්තය අපි පිටරටවලටත් යැව්වා. නමුත් අපි දැන් ටිකක් වගා කරලා හුගාක් පිටරටවල්වලින් ආනයනය කරනවා. නමුත් පිටරටවල ආහාර හිගයක් ආවොත් අපි ඉවරයි. මොකද ඒ රටවල්වලට වැදගත් වන්නේ තම්ගේ රටේ ජනතාව මිසක් අපි නොවෙයි. ඒ නිසා අපිට කන්න නම් අපිම වගා කරන්න ඕනෑ. ඒ නිසා මෙම වගා ව්‍යාපාරය අපි දිගටම ක්‍රියාත්මක කරනවා. වගා කරන්න ජලය ගන්න අවශ්‍ය වතුර ටික ජනතාවට දෙන්න සියලුම වැව් හදන්න අපි තීරණය කළා.ඒ අනුව ග්‍රාම ශක්ති, ගම්පෙරළිය වගේම අපේ වැව් දහසක් ගම් දහසක් වැඩ සටහන් යටතේ රු. මි. 9000කට වැඩි මුදලක් මේ වසරේ වැව් ටික හදන්න වැය කරනවා. පසුගිය දිනවල එලවලු මිල ඉහළ ගිය නිසා මාධ්‍ය මගෙන් ඒ ගැන ඇහුවා . මම කිව්වා උඩරට එලවලු වගාව වැස්ස නිසා විනාශ වෙලා. නමුත් පහත රට එලවලු මිල අඩුයි. ඒ නිසා වට්ටක්කා , මයියොක්කා වගේ ආහාර අපි ගන්න පුරුදු විය යුතුයි කියළා. ඒ ගැන සමහරු කාටුන් ඇන්දා. සමාජ ජාල හරහා මට බැන්නා.

අපේ මිතුරු දේශපාලනඥයෙක් මට දොස් කිව්වා ජනතාවට වට්ටටක්කා කන්ඩ කියළා මම කියනවා කියළා. මං හිතන්නේ වට්ටක්කා මඤ්ඤොක්කා කියන්නේ හොඳ නැති කෑම නොවෙයි. ඒවා හොඳ ආහාර. නමුත් ඔය දේශපාලනඥයා පාර්ලිමේන්තුවේ දී මට කියළා තියෙනවා එයාගේ ප්‍රියතම කෑම මඤ්ඤොක්කා කියළා. නමුත් එයා ඇමරිකන් පුරවැසියෙක් වුනාට පස්සේ මං හිතන්නේ අපේ කෑම එයාට හුරු නැති නිසා වෙන්නැති නිසා වෙන්නැති එහෙම කිව්වේ. ඒ නිසා අපි ඒවාට සැළෙන්නේ නැතැයි ද අමාත්‍යවරයා කීය.

 

Post Views: 13
Previous Post

කට්ටිය හත් පොළේ ගාගෙන

Next Post

විජයකලා රනිල්ගේද? ප්‍රභාගේද?

editor

editor

Next Post

විජයකලා රනිල්ගේද? ප්‍රභාගේද?

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved