27 April 2024
#දේශීය

එජාපය කියලා තියෙන්නේ එකම එක පක්ෂයක් විතරයි – රනිල් කියයි

එක්සත් ජාතික පක්ෂය දෙකක් නෑ තියෙන්නේ එකක් පමණක් බව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඒ මහතා ඊයේ (28) රඹුක්කන පැවැති ජන හමුවකදීය. එහිදී වික්‍රමසිංහ මහතා කියා සිටියේ සමගි ජන බලවේගය මගින් එක්සත් ජාතික පක්ෂයට යම් හානියක් සිදුවන බව දැන ගැනීමට ලැබු බවත් ඒ අනුව පක්ෂය ආරක්ෂා කිරීම වෙනුවෙන් කටයුතු කල බවයි.

ඒ අනුව සමගි ජන බලවේගය නියෝජනය කරමින් සිටින 56 දෙනෙකුගේ එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් අහෝසි කර ඇති බවත් ඒ බව මැතිවරණ කොමිෂමට දැනුම් දීමට කටයුතු කරන බව හෙතෙම පැවසිය.

මෙම ඉවත් කිරීම් සම්බන්ධ තීන්දුව බොහෝම අමාරුවෙන් කලපනා කරලා ගත් තීන්දුවක් බවත් එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා කිරීම වෙනුවෙන් මෙය සිදු කල බව වික්‍රමසිංහ මහතා අනාවරන කළේය. කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂය යැයි පක්ෂ කිහිපයක් නොමැති බවත් තිබෙන්නේ එකම එක පක්ෂයක් බව වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *