• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ආරක්ෂිත ප්‍රවාහන මාධ්‍යයක් වශයෙන් පාපැදි භාවිතය ප්‍රචලිත කෙරේ

28 June 2022
in දේශීය

විවිධ වයස් කාණ්ඩ අතර විනෝදාංශයක් හා ක්‍රීඩාවක් වශයෙන් පමණක් නොව ආරක්ෂිත ප්‍රවාහන මාධ්‍යයක් වශයෙන් පාපැදි භාවිතය ප්‍රචලිත කිරීමේ අරමුණින් නව වැඩසටහනක් සැලසුම් කර ඇතැයි ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ අතිරේක ලේකම් බර්නාඩ් වසන්ත මහතා පවසයි.

අතිරේක ලේකම්වරයා මේ බව පැවසුවේ අද (27) පෙරවරුවේ “ආරක්ෂිත ප්‍රවාහන මාධ්‍යයක් වශයෙන් පාපැදි භාවිතය ප්‍රචලිත කිරීම” මැයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි.

රට මුහුණ පා ඇති ආර්ථික අර්බුදය සහ ඉන්ධන ගැටලුවට විසඳුමක් වශයෙන් Ride for Life සංවිධානය, ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය, ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය, ජනමාධ්‍ය, ශ්‍රී ලංකා පොලීසිය සහ පාපැදි සම්බන්ධව තිබෙන විවිධ ආයතනවල සහයෝගය ඇතිව එය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව අතිරේක ලේකම්වරයා සඳහන් කළේය.

වත්මන් ඉන්ධන අර්බුධය හමුවේ වාහන තිබුණද නිවසේ තබා යාමට සිදුව ඇති බැවින් පාපැදිය අත්‍යාවශ්‍ය සාධකයක් බවට පත්ව ඇති මෙවන් යුගයක බයිසිකල් පදින අයට “පැද යන්න ඉඩ දෙන්න” යන පණිවුඩය ජනගත කිරීමෙන් මහජනතාව පාපැදි භාවිතයට දිරිගැන්වීමට අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙස ජනමාධ්‍ය ආයතනවලින් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා පපැදි සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

ඊට ප්‍රවේශයක් වශයෙන් 2022 ජුලි මස 02 දින ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය (IESL) සහ Ride for Life සංවිධානය ඒකාබද්ධව කොළඹ විජේරාම IESl කාර්යාලයේ සිට පෑලියගොඩ දක්වා පාපැදි භාවිතයට ජනතාව උනන්දු කරවීමේ අරමුණින් රැළියක් ආරම්භ කරන බව සභාපතිවරයා පැවසුවේය.

පැපැදි භාවිතයේදී රාත්‍රී කාලයේ ප්‍රධාන පහන් දල්වා ගෙන යාම, පිටුපස ප්‍රතිපරාවර්තන පහනක් සවිකර තිබීම, හදිසි අවස්ථවකදී නවතා තැබීමට තිරිංගයකින් සමන්විත වීම, මාර්ගයේ වම්පසින් ගමන් කළ යුතු වීම, රාත්‍රී කාලයේ පහසුවෙන් අන් අයට හඳුනා ගැනීමට පහසුවන සේ ලා පැහැති වර්ණ ඇඳුමක් ඇඳ ගමන් කිරීම, මාර්ග සංඥා පිළිපදිමින් ගමන් කිරීම, ආරක්ෂිත හිස් වැසුමක් පැළඳිම. මාර්ග නීති අනුගමනය කරමින්, මාර්ග සංඥා පිළිපදිමින් ගමන් කරන්නේ නම් කිසිදු අනතුරකින් තොරව පාපැදියෙන් ගමන් කළ හැකි බව රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා මෙම අවස්ථාවට එක්වෙමින් පැවසීය.‍

 

Post Views: 13
Previous Post

අනවසරයෙන් මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ තවත් 54 ක් නාවික හමුදා භාරයට

Next Post

බදින තුවක්කුවකට හසුවී දළ ඇතෙකු මිය යයි

editor

editor

Next Post

බදින තුවක්කුවකට හසුවී දළ ඇතෙකු මිය යයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved