27 April 2024
#ක්‍රීඩා

ජය ලැබු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම දිවයිනට

2022 ආසියානු කුසලානය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම අද (13) අලුයම නැවත ශ්‍රී ලංකාවට පැමිණියා.

ඔවුන් පිළිගැනීම සඳහා විශේෂ උත්සවයක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සංවිධාන කර තිබිණි.

දිවයිනට පැමිණි ක්‍රීඩක ක්‍රීඩිකාවන් රථ පෙළපාලියකින් කටුනායක ගුවන්තොටුපොළේ සිට කොළඹ වෙත මේ වන විට කැඳවාගෙන එමින් සිටි.

එම රථ පෙළපාලිය අද පෙරවරු 06.30ට කටුනායක ගුවන් තොටුපොළෙන් ආරම්භ කර කොළඹ – මීගමුව මාර්ගයේ පෑලියගොඩ හන්දිය, මරදාන හන්දිය, ඩාලි පාර, යුනියන් පෙදෙස, ඇලෙක්සැන්ඩ්‍රා පාර ඔස්සේ නිදහස් මාවතට පැමිණීමට නියමිත අතර එම ස්ථානවලදී විශේෂ පිළිගැනීම් උත්සව සංවිධාන කර ඇති බව සඳහන්ය.

එම රථ පෙළපාලිය කටුනායක ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත සහ දැල්පන්දු සම්මේලන මූලස්ථානය වෙත පැමිණීමට නියමිතය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *