27 April 2024
#දේශීය

එළැඹෙන 19 වනදා රජයේ විශේෂ නිවාඩුවක්

දෙවන එලිසබෙත් මහ රැජිනගේ රාජකීය අවමංගල්‍ය යෙදෙන එළැඹෙන සැප්තැම්බර් 19 වනදා රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

එදින ජාතික ශෝක දිනයක් ලෙස ද දැනටමත් ප්‍රකාශයට පත්කර ඇත.

රජයේ නිවාඩුව රජයේ අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාමට බාධාවක් නොවිය යුතු බව ද රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කලේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *