27 April 2024
#දේශීය

අයවැය දෙවැනි වර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම අදයි

2021 මුදල් වර්ෂය සඳහා අයවැය දෙවැනි වර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම අද (21) ප.ව 5.00 ට සිදු කිරීමට නියමිතය.

පසුගිය 17 වැනිදා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අයවැය යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය. ඒ අනුව නොවැම්බර් 18 සිට 21 වනදා දක්වා අයවැය දෙවන වර කියවීමේ විවාදය පැවැත් වෙයි.

දෙවැනිවර කියවීමේ විවාදයෙන් අනතුරුව නොවැම්බර් 23 වනදා සිට කාරක සභා අවස්ථාව පිළිබඳ විවාදය පැවැත්වෙන අතර එය අවසන් වීමට නියමිතව ඇත්තේ දෙසැම්බර් 10 වනදා ය. එදින පස්වරු 5ට ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *