27 April 2024
#දේශීය

ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවට පැමීණීමට පෙර දිනයක් වෙන් කර ගන්න ‍

රටේ පවතින කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන් පැමිණීමට පෙර දිනයක් සහ වේලාවක් ලබාගත යුතු බව ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තු කාර්යාල පවසයි.

ඒ අනුව කොළඹ ප්‍රධාන කාර්යාලයේ 0112 696 917 හෝ 0112 694 523 යන දුරකථන අංක සහ මහනුවර ශාඛා කාර්යාලයේ 0812 223 729 යන දුරකථන අංකය ඇමතීමෙන් දිනයක් සහ වේලාවක් ලබාගත යුතු බව සඳහන් වේ.

එමෙන්ම [email protected] සහ [email protected] යන විද්‍යුත් තැපැල් ලිපිනයන් හරහා දිනයක් සහ වේලාවක් ලබා ගැනීමේ හැකියාව පවතී.

මීට අමතරව පොත් සහ පුවත්පත් ලියාපදිංචි කිරීමේ අංශයට ප්‍රකාශන භාරදීම සඳහා ද කලින් දිනයක් හා වේලාවක් වෙන් කර ගැනීමට අවශ්‍ය වන බව ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *