27 April 2024
#දේශීය

උද්ඝෝෂණ කල පිරිස් නිරෝධායනයට කුදලගෙන ගිය විදිහ වැරදියි – රාජ්‍ය ඇමැති ලාන්සා

නිරෝධායනය නිතී පවතින විට උද්ඝෝෂණය කිරීම වැරදි බවත්, ඔවුන් රැගෙන ගිය ක්‍රමවේදය පිළිබඳව තමන් සෑහීමකට පත් නොවන බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මේ බව පැවසුවේ මීගමුව, කොච්චිකඩේ නගරයේ රථවාහන තදබදය නිරීක්ෂණය කිරිමේ අවස්ථාවට අද (12) දින සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා, ” නිරෝධනය නීති පවතිනවා. එම නීති පවතිද්දී උද්ඝෝෂණ කිරීමත් වැරදියි. උද්ඝෝෂණය කරපු අය එලෙස අරන් ගියපු එකත් වැරදියි. නිරෝධායන නීති කාලය තුළ විශාල පිරිසක් ඇවිල්ලා උද්ඝෝෂණය කිරීම තුළ නීතිය කඩ කිරීමක් කළා. නමුත් ඔවුන් අරන් ගිය ක්‍රමවේද පිළිබඳව මම සෑහීමකට පත් වෙන්නේ නැහැ. කවුරු හෝ නිරෝධනය නීති කඩකරනවා නම් ඔවුන් නිවෙස්වල නිරෝධනය කරන ලෙසයි මම කියන්නේ. ප්‍රජාතන්ත්‍රවාදී රටක කුදලගෙන අරන් යන්න බැහැ. ඔවුන්ට අවශ්‍ය පහසුකම් දෙන්න ඕන. ඒ අරන් ගිය ක්‍රමවේදය වැරදි බව මම ආණ්ඩුව නියෝජනය කළත් කියන්න ඕන. එය නිවැරැදි කරන්න කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලනවා.

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *