සිංගප්පූරු ගිවිසුම හරහා ලංකාවට විකිරණ ගේන්න කිසිසේත්ම විදිහක් නොමැති බවත් අද සියළුම ආකාරයේ විකිරණ පරික්ෂණ කිරීම සඳහා අවශ්‍ය කරන පසුබිම අපේ පරමාණු බලශක්ති අධිකාරියට තිබෙන අතර මෙය සම්පූර්ණයෙන්ම මිනිසුන් බය කිරීම සඳහා සිදු කරන අසත්‍ය ප්‍රචාරයක් බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ මහනුවර ශ්‍රී දළඳා මාලිඟාවේ ඇසල පෙරහැර මංගල්‍යයේ අති උත්තම වූ දළඳා වහන්සේ වැඩම වන්නා වූ හස්ති රාජයාණන් ප්‍රමුක හෙළදිව සිව් දෙසින් පෙරහැර මංගල්‍යය සඳහා සහභාගීවන්නට සපැමිනෙන්නා වූ අලි ඇතුන්ගේ පරිහරණය සඳහා ශතවර්ෂ ගණනාවක පටන් විශාල අඩුවක්ව පැවති ඇත් ජල තටාංගනය ඉදිකර මාලිගාව වෙත පූජා කිරීමේ අවස්ථාවෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්.
එහිදී වැඩිදුරටත් අමාත්‍යවරයා මෙසේ අදහස් පල කර සිටියේය“ මම පරමාණු බලශක්තිය ආයතනය අවුරුදු 10 ක් පාලනය කළා. අපි වරායේ සවිකර තිබෙනවා එන ඕනම ආකාරයක විකිරණයක් හඳුනාගන්න පුළුවන් විශේෂ උපකරණයක්. එය අපට ඇමරිකා එක්සත් ජනපදයේ න්‍යෂ්ටික තාක්ෂණ ආයතනයෙන් ලැබුණෙ. අපේ රට ඇතුලේ අද සියළුම ආකාරයේ විකිරණ පරික්ෂණ කිරීම සඳහා අවශ්‍ය කරන පසුබිම අපේ පරමාණු බලශක්ති අධිකාරියට තිබෙනවා. එම නිසා මෙය සම්පූර්ණයෙන්ම මිනිසුන් බය කිරීම සඳහා සිදු කරන අසත්‍ය ප්‍රචාරයක්. එවැනි දෙයක් කරන්න බැහැ යැයි අමාත්‍යවරයා පැවසීය.