27 April 2024
#දේශීය

දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන කොරෝනා රෝගී කිසිවෙකු නැහැ

කොරෝනා වෛරසය වැලදී සිටින දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන කිසිවෙකු නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ සෞඛ්‍ය අංශ වල රාජකාරි කටයුතු වල නියැලෙන්න තමයි දැඩි අවධානමක් සහිතව කටයුතු කරන බව හෙතෙම පැවසිය.

කෙසේ වෙතත් සාපෙක්ෂ වශයෙන් රෝගීන් සංඛ්‍යාව වැඩිවුවහොත් බොහෝ විට ඇතැම් සෞඛ්‍ය නිලධාරින්ට අවශ්‍ය වන ආරක්ෂක උපකරණ බෙදා දීමට වැනි අඩුපාඩුකම් සිදුවිය හැකි බවද වෛද්‍යවරයා අනාවරණ කළේය.

කෙසේ නමුත් පවතින තත්ත්වයට ඉතා සාර්ථකව මුහුණ දීමට තවමත් හැකියාව ඇති බව ජාසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

දිලිනි සමන්මලි

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *