27 April 2024
#දේශීය

හොඳින් පිසින මාලුවලින් කොරෝනා බෝවන බවට සාක්ෂි නෑ – සෞඛ්‍ය අමාත්‍යංශය

හොඳින් පිසින ලද මත්ස්‍ය පරිභෝජනය මගින් කොරෝනා වෛරසය බෝවන බවට විද්‍යාත්මක සාක්ෂියක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය එස්.ශ්‍රීධරන් මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ මාළු මගින් කොරෝනා වෛරසය පැතිරී යන කටකතාවලට නොරැවටෙන ලෙසයි.

කොරෝනා වෛරසය ඕනෑම පෘෂ්ටයක රැඳි තිබිය හැකිය යන සෛද්ධාන්තික පදනම මත මාළු පිසිම හෝ ගබඩා කිරීම සඳහා සකස් කරන අතරතුර මුහුණ නොඅල්ලන ලෙස ද, පසුව දෑත් සෝදා ගන්නා ලෙසත් දැනුම් දී ඇත.

එමෙන්ම පවතින තත්ත්වය තුළදී මාළු වෙලෙදාම් කරන ස්ථාන වසා දැමීමට අවශ්‍යතාවයක් නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සිය නිවේදනයේ සඳහන් කර කිබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *