27 April 2024
#දේශීය

ෆයිසර් එන්නත හම්බන්තොටට දීම කිසිදු විද්‍යාත්මක හේතුවක් නැහැ – රවි කුමුදේශ්

ෆයිසර් එන්නත හම්බන්තොටට දීමට අදාල කිසිදු විද්‍යාත්මක හේතුවක් නොමැති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

ඒ මහතා පැවසුවේ ජීවිතයේ කඩයිම් විභාග පසු කිරීමට ප්‍රමාදව ඇති දරුවන්, ඒ සදහා සූදානම් කිරීමට ෆයිසර් එන්නත භාවිත කල හැකිව තිබියදී, එය දේශපාලන වුවමණාවන් සදහා යොදා ගැනීම වැරදියි බවයි.

එසේම ඖෂධ නියාමන අධිකාරියේ වැරදි නිවැරදි කර ගැනීම වෙනුවට, ඊට සුදු හුණු ගෑම, ජනතා නියෝජිතයන්ගේ කාර්‍යභාරය නොවන බව හෙතෙම පැවසිය.

ඖෂධ අධිකාරියත් අහිංසකයි, එපික් ආයතනයත් අහිංසකයි කියලා සමහර මන්ත්‍රීවරු කියන්නේ නොදන්නාකමට බවත් ඖෂධ නිශ්පාදනය, ප්‍රමිතිය හා පාළණය සදහා ජනතාව වෙනම අමාත්‍යාංශයක් නඩත්තු කලද, එහි ප්‍රතිඵල නොමැති බව කුමුදේශ් මහතා කියා සිටියේය.

එමෙන්ම ඖෂධ ප්‍රසපාදනය, වෛද්‍ය පරිපාලනය, ඖෂධවේදය පිළිබද ප්‍රාමාණික දැනුමක් නොමැති නිලධාරීන්, වියත්මගේ හිටි පලියට ලොකු පුටුවල ඉන්දවීම නිවැරදි කල යුතු වරදක් බව කුමුදේශ් මහතා අනාවරණ කලේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *