• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඔක්සිජන් හිඟයක් නෑ – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

27 April 2021
in දේශීය

කොවිඩ් රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් වල කිසිදු හිඟයක් මෙතෙක් නොමැති බවත්, පලවන පුවත අසත්‍ය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඒ මහතා මෙසේ පැවසුවේ අද දින (27) ජාතික පුවත්පතක සහ සමාජ මාධ්‍ය ඔස්සේ කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් හිඟයක් ඇති බවටත්, එම නිසා රෝගී ජිවිත දැඩි අනතුරකට පත්ව ඇති බවටත් වාර්තා පළ වන වාර්තාවලට පිළිතුරු ලබා දෙමිනි.

එම මාධ්‍ය වාර්තා පිළිබදව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා මාධ්‍ය වෙත අදහස් පළ කරමින් කියා සිටියේ කොවිඩ් රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් වල කිසිදු හිඟයක් මෙතෙක් නොමැති බවත්, එම පුවත අසත්‍ය පුවතක් බවයි.

මේ පිළිබදව මාධ්‍ය වෙත අදහස් දැක් වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා “දැනට කළුබෝවිල රෝහලේවත්, මුල්ලේරියාව රෝහලේවත් ඔක්සිජන් හිඟයක් නැහැ. ඊයේ දිනය තුල කොවිඩ් රෝගීන් 997 ක් වාර්තා වුණා. පසුගිය සිංහල අවුරුදු කාලයට පෙර රෝගීන් වාර්තා වීම අවම මට්ටමක තිබුනේ. අවුරුදු සමයෙන් පසු රෝගීන්ගේ වැඩිවීමක් පෙන්නුම් කරනවා. සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදින්න කියලා අපි පසුගිය කාලය පුරාවටම ජනතාව දැනුවත් කළා. ජනතාව සංචාරය කිරීම් සහ අවුරුදු උත්සව, සැණකෙළි පැවැත්වීම නිසා තමයි මෙවන් වාතාවරණයක් අද ඇති වෙලා තිබෙන්නේ. මේ දිනවන පැතිර යන වෛරස් ප්‍රභේදය නව වෛරස් ප්‍රභේදයක්. මෙම වෛරස් ප්‍රභේදයේ රෝග ලක්ෂණ පෙන්නුම් කරන ප්‍රමාණය වැඩිවෙලා තිබෙනවා. තරුණ පිරිස්වෙත වැළදීමේ සහ රෝග ලක්ෂණ පෙන්වීමේ ප්‍රවණතාවයක් තිබෙනවා. හුස්ම ගැනීමේ අපහසුතා නිසා ඔක්සිජන් ලබාදීමට සිදුවනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය වශයෙන් අපගේ රෝහල්වල, දැඩිසත්කාර ඒකකවල, අතරමැදි ප්‍රතිකාර ඒකක වල තිබෙන ධාරිතාවය සීමා සහිත බව ඔබ තේරුම් ගත යුතුයි. ජනතාව වශයෙන් ඔබ වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු වෙනවා. කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ජනතාව මුව ආවරණ පැළද සිටියත්, දුරබැහැර ග්‍රාමීය ජනතාව මුව ආවරණ පැළැදීමේ ප්‍රවණතාවයේ අඩුවක් පෙනෙනවා. කොළඹට වැඩිය කොළඹින් පිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවල වෛරසය ව්‍යාප්තිය වැඩිවෙලා තිබෙනවා. ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකළහොත් ඉදිරියේ දී නිරෝධායන නීති දැඩි කිරීමට සිදු වෙයි. එමෙන්ම සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වශයෙන් පාසල් පැවැත්වීම පිළිබද අපගේ නිර්දේශ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් තුමා වෙත ලබා දී තිබෙනවා. මේ සතිය අවසන්වන විට වාර්තාවන රෝගීන් ප්‍රමාණය අනුව ඔවුන්ට නැවැත නිර්දේශ ලබාදෙනවා ලබන සතියේ පාසල් පැවැත්වීම සම්බන්ධව.”

 

මෙහිදී අදහස් දැක් වූ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) වශේෂඥ වෛද්‍ය ලාල් පනාපිටිය මහතා – “අපි හැම රෝහලකටම, ප්‍රතිකාර මධ්‍යස්ථානයකටම ඔක්සිජන් සැපයුම නිසි පරිදි ලබාදීමට කටයුතු කර තිබෙනවා. රෝහල් බලධාරීන් ඒ පිළිබද දැනුවත් කර තිබෙනවා. ඔක්සිජන් සපයන ප්‍රධාන සමාගම් දෙකම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැනුම් දී තිබෙනවා අවශ්‍යකරන ධාරිතාවයටත් වඩා ධාරිතාවයක් ඔවුන් සතුව පවතින බව. ඔක්සිජන් රෝහල්වලට සැපයීමේ කටයුතු ද ක්‍රමාණුකූලව සිදු වෙනවා.”

Post Views: 22
Previous Post

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධූරයට සුදේව හෙට්ටිආරච්චි

Next Post

විමල්ට ස්තුති කරමින් අනුෂ්ක සභාපති පුටුව අතහරි

editor

editor

Next Post

විමල්ට ස්තුති කරමින් අනුෂ්ක සභාපති පුටුව අතහරි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved