27 April 2024
#දේශීය

රටට ගැලපෙන මැතිවරණ නිති සකස් කරන නිසායි තවමත් ඡන්දයක් නැත්තෙ – මන්ත්‍රී මධුර

මැතිවරණ නීති සංශෝධනය කිරීමටත්, රටට ගැලපෙන මැතිවරණ නිති සකස් කිරීම තවත් සිදු වෙමින් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රි මධුර විතානගේ මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද දින (18) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

ගෝලිය වසංගත තත්වය හමුවේ භාරගත් රට සංවර්ධනය කර ජනතාවට ඉහළ ජීවන මට්ටමක් ලඟා කර දෙන විට රජය මැතිවරණ කල්දමනවා යැයි ආදි විවිධ වැරදි ප්‍රවෘත්ති සමාජගත කිරීමට උත්සහ කරන බව හෙතෙම පැවසිය.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා අදහස් දක්වමින්, “විපක්ෂය වැරදි ප්‍රවෘත්තියක් සමාජගත කරන්න උත්සහ කරනවා මැතිවරණ ප්‍රමාද කරනවා කියන එක රජය. මේ සියලුම පක්ෂ එකතුවෙලා පාර්ලිමේන්තුවේදී පත්කරලා තිබෙනවා මැතිවරණ නීති සංශෝධනය කිරීමටත්, රටට ගැලපෙන මැතිවරණ නිති සකස් කිරීමට විශේෂ පාර්ලිමේන්තු උපදේශක කමිටුවක්. මේ පක්ෂවල බොහෝ පිරිස් එකතුවෙලා සාමුහිකව ඒකමතිකව අපි සාකච්ඡාවක් කරමින් පහුගිය කාලයේ පැවති රජය මැතිවරණ කල්දැමීම සහ රටට නොගැලපෙන නීති රිති හදලා අද වෙනකොට රට විශාල අමාරුවකට වැටිලා තිබෙන අවස්ථාවක එයින් ගොඩ ඒමටයි මේ කමිටු තුළින් කටයුතු කරන්නේ. මේ මැතිවරණය ඉදිරියේදී සකස් කරන්නේ කෙසේද කියලා සාකච්ඡාවට භාජනය වනවා. නමුත් ඒ කමිටුවේම සිටින සාමාජිකයෝ ජනප්‍රිය වෙන්න එළියට ඇවිත් ලොකු කතා කියනවා. තවමත් මේ මැතිවරණය පැවැත්වීම පිළිබඳව පක්ෂ අතර එකඟතාවයක් නෑ. සෑමටම සාධාරණව එකඟවන්න පුළුවන් ක්‍රමයකට යන්නයි අපි මේ හදන්නේ. යැයි “පාර්ලිමේන්තු මන්ත්‍රි මධුර විතානගේ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *