27 April 2024
#සංවර්ධන

දේශීය අත්කම් නිර්මාණ ප්‍රචලිත කිරීමට විදේශ රටවල ශ්‍රී ලංකා තනාපතිවරුන්ට අත්කම් නිර්මාණයන් ප්‍රදානය කරයි

දේශීය රටවල් අතර ශ්‍රී ලාංකික සන්නාමය සහිත බතික්,අත්යන්ත්‍ර රෙදි හා දේශීය අත්කම් නිර්මාණ ප්‍රචලිත කිරීම අරමුණු කර ගනිමින් විදේශ රටවල ශ්‍රී ලංකා තනාපතිවරුන් වෙත දේශීය අත්කම් නිර්මාණයන් ප්‍රධානය කිරීම අද (18) දින විදේශ කටයුතු අමාත්‍යංශ ශ්‍රවනාගාරයේදී සිදු කරනු ලැබීය.

ඒ් , බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ හා විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්.පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙම අවස්ථාව සදහා විදේශීය රටවල සිටින ශ්‍රී ලාංකේය තානාපතිවරුන් 63 දෙනෙකු මාර්ගගත ක්‍රමවේදයන් ඔස්සේ එක් වූ අතර එම ප්‍රධානයන් ගරු බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමන් විසින් ගරු විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා වෙත සංකේතාත්මකව ප්‍රධානය කරන ලදී.

බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශිය ඇගළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යංශයට අයත් “ලක්සල” ආයතනය විසින් මෙම අත්කම් නිර්මාණයන් සැකසුම් කර ඇත.

මෙම අවස්ථාව සඳහා විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම් ජයනාත් කොළඹගේ මහතා,රාජ්‍ය අමාත්‍යංශ ලේකම් ජානක ධර්මකීර්ති මහතා,ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලයේ “ලක්සල” ආයතනයේ සභාපතිතුමන් ඇතුළු රාජ්‍ය නිළධාරීන් පිරිසක් එක් විය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *