27 April 2024
#දේශීය

නිවරදි තීන්දු ගන්න පමා විය යුුතු නැහැ – ශ්‍රී.ල.නි.ප ජාතික සංවිධායක රාජ්‍ය අමාත්‍ය දුමින්ද

මේ වන විට මුහුණ දී ඇති අර්බුදකාරී තත්ත්වයෙන් ශ්‍රී ලංකාව මුදා ගැනීම පිණිස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක සූර්ය බල , සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ 2022 නව වර්ෂය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිල වශයෙන් වැඩ අරඹීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රට වෙනුවෙන් විශාල සේවයක් සිදු කළ පක්ෂයක් බව ජනතාව හොඳින් දන්නා කරුණක් බව පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යවරයා එනිසාම සිය පක්ෂයට ශ්‍රී ලංකාව මුහුණ පා ඇති අර්බුදකාරී තත්ත්වයෙන් රට මුදවා ගැනීම පිණිස විශාල වගකීමක් පැවරී ඇති බවද පැවසීය .එමෙන්ම මෙරට ජනතාව වෙනත් පක්ෂවලට වඩා වැඩි අවධානයකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙත යොමු කර ඇති බවද එතුමා මෙහිදී පෙන්වා දුන්නේය .

නව වසරක් උදාවන විට කුමන බාධාවන් අභියෝගයන් පැමිණිය ද , ශ්‍රී ලාංකිකයන් ලෙස අලුත් අවුරුද්ද තම ශක්ති පමණින් සමරමින් 2022 වසර සඳහා නිල වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ අරඹූ බවද අමාත්‍යවරයා විසින් මෙහිදී වැඩිදුරටත් පැවසීය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *