යූරියා මිශ්‍රවී අලෙවිවූ බව කියන සීනි තොග පාරිභෝගිකයින් අතට පත්වීම වැලක්වීමට “සතොසෙන්” පියවර ගන්නා බව ලංකා සතොස ප්‍රධාන විධායක නිළධාරී එච්.එම්.ෆාරාස් මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ වව්නියාව සතොස අලෙවි සැලහි ඇති වු සිද්ධියක් හේතුවෙනි.
වව්නියාව සතොස අලෙවිසැලේ අලෙවිකරන ලද සීනි බෑගයක යූරියා පොහොර මිශ්රවීම සම්බන්ධයෙන් සතොස ආයතනය විසින් වහාම ක්‍රියාත්මක වී ජනතාවට ඒ පිළිබඳව දැනුවත් කිරීම නිසා යූරියා මිශ්‍රවී අලෙවිකරන ලද සීනි කිලෝග්‍රෑම් හතලිහක පමණ ප්‍රමාණයෙන් මේ වන විටත් කිලෝ තිහකට (30) ආසන්න සීනි ප්‍රමාණයක් නැවත සතොස අලෙවිසැල වෙත ලැබී ඇතිබවත් ඉතිරි කිලෝ දහයක (10) පමණ ප්‍රමාණය අද දිනයේම(03) නැවත පාරිභෝගිකයින්ගෙන් ලබා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වනවිටත් ගෙන ඇති බව ෆාරාස් මහතා පවසයි.
මෙම ගැටලුව සම්බන්ධයෙන් එම යූරියා තොගය සතොස අලෙවිසැල තුලට රැගෙන ආ බව කියන සේවකයා සහ එම ශාඛාවේ කළමනාකාරවයාගේ වැඩ තහනම් කිරීමටද කටයුතු කල බව පවසන ප්‍රධාන විධායක නිළධාරීවරයා වැඩිදුරටත් මෙලෙස පැවසීය.
“සතොස වව්නියාව අලෙවිසැලේ සේවකයෙක් විසින් ඔහුගේ නිවසේ වගාවන්වලට අවශ්‍ය යූරියා පොහොර කිලෝ දහයක (10)බෑගයක් මිලදී ගෙන එම බෑගය අලෙවිසැලේ ගබඩාවේ තබා තියෙනවා.මේ අවස්ථාවේ සතොස පවිත්‍රතා අංශයේ(පෞද්ගලික) කෙනෙක් ඒක සීනි බෑගයක් කියලා හිතලා අලෙවිසැලේ සීනි තබා තිබෙන ස්ථානයේ ඒක තියල තියෙනවා.පසුව එහි පැමිනි පාරිභෝගිකයෙක් අලෙවිසැලේ සේවකයෙකුගෙන් බෑගයක් ඉල්ලපු අවස්ථාවේ ඔහු මේබව නොදැන යූරියා තිබූ බෑගය සීනියැයි සිතා සීනි මල්ලට ඒවා දාලා බෑගය පාරිභෝගිකයාට දීලා.ඉන්පසුව එම සීනි වලට තවත් සීනි එකතුවෙලා.පස්සෙ අපේ පාරිභෝගිකයෙකුට සීනිවල අමුත්තක් දැනිලා අදාල සතොස ශාඛාවට ඒ ගැන දැනුම් දීලා.සතොසේ කාර්ය මණ්ඩලය විසින් මෙම සීනිවලට යූරියා මිශ්රවෙලා කියල තේරුම්ගෙන වහාම ප්‍රධාන කාර්යාලය හරහා අපව දැනුවත් කලා.පස්සේ අපි මේ පිළිබඳව පොලීසියටත් ,මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැනුවත් කලා.
ඒත් සමගම අපි විශේෂ අවධානයක් යොමුකලේ මේ අලෙවිවුනු සීනි කිලෝ හතලිහක ප්‍රමාණය පරිභෝජනයට පෙර නැවත ලබා ගන්නා ආකාරය පිළිබඳවයි.අපි වහාම මේ පිළිබඳව මාධ්‍ය ආයතන වගේම ප්‍රාදේශීය මාධාවේදීන් දැනුවත් කලා.ඒ වගේම පන්සල්,කෝවිල්,පල්ලි ,වගේ ආගමික ස්ථාන හරහා ප්‍රදේශයේ ජනතාව දැනුවත් කලා.ඒකෙ ප්‍රතිඵලයක් විදියට මේ වන විට එම යූරියා මිශ්රවූබව කියන සීනි කිලෝ හතලිහෙන් කිලෝ තිහක පමණ ප්‍රමාණයක් යලි ලබාගන්න අපිට හැකිවෙලා තියෙනවා.ඉතිරි කිලෝ දහයක පමණ ප්‍රමාණයත් අද දිනයේම අපිට ලබාගන්න හැකිවේවි.ඒ නිසා අපේ පාරිභෝගික ජනතාව මේ ගැන බියක් ,සැකයක් ඇතිකරගන්න කිසිම හේතුවක් නැහැ.
සීනිවල යූරියා මිශුවීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් අපි ආයතන මට්ටමින් සිදුකරනවා.මේ සතොස කියන්නේ ජනතාවගෙ ආයතනයක් ඒක විනාශ කරන්න හෝ මෙම සතොස ආයතනය සීඝ්‍ර දියුනුවක් ඇතිකල වර්තමාන සතොස භාර අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ඇමතිවයාගේ කීර්තිනාමය විනාශකරන්න මෑතක සිට යම් පිරිසක් උත්සාහ ගන්නවද කියල අපිට සැකයි.මේකත් ඒකෙම තවත් පියවරක්ද කියල අපි සොයා බලනවා.මේ හැම දෙයකම සත්‍ය නුදුරේදීම ජනතාවට දැනගන්න හැකියාව ලැබේවි කියා මම විශ්වාස කරනවා”. යැයි ලංකා සතොස ප්‍රධාන විධායක නිළධාරී එච්.එම්.ෆාරාස් මහතා වැඩිදුරටත් කියා සිටියේය.