27 April 2024
#දේශීය

තිලිණගේ පෙත්සම විභාගයට නොගෙන විසිවේ !

අනිවාර්ය නිවාඩු යවා සිටින හිටපු  මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේ විසින් අභියාචනාධිකරණය හමුවේ  ගොනු කර තිබූ  පෙත්සමක් අද (05) විභාගයට නොගෙනම නිෂ්ප‍්‍රභ කිරීමට නියෝග නිකුත්විය.

අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන මහින්ද සමයවර්ධන සහ ප‍්‍රියන්ත ප‍්‍රනාන්දු   විසින් මෙම නියෝග නිකත් කෙරිණි.
 
 තමා ඇතුළු සිව් දෙනෙකුට එරෙහිව නීතිවිරෝධී අන්දමින් අලි පැටවෙකු සන්තකයේ තබා ගැනීම ඇතුළු චෝදනා 25ක් යටතේ කොළඹ මහාධිකරණය හමුවේ විභාගයට ගැනෙන නඩුව මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග  නොමැතිව වෙනත් විනිසුරුවරයකු හමුවේ විභාගයට ගන්නා ලෙසට අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පෙත්සම ගොනු කර තිබිණි.

තමන්ට එරෙහි අධි චෝදනා නඩුව මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා හමුවේ අගතිගාමී ලෙසින විභාගය වන  බවත් , එහිදී තමන්ට යුක්තිව ඉටුවීම පිළිබඳ විශ්වාසයක් තැබිය නොහැකි බවද පෙත්සම්කරු අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සමේ සඳහන් වේ.
 
අධිකරණ සංවිධාන පනතේ 46 වැනි වගන්තිය යටතේ අනිවාර්ය නිවාඩු යවා සිටින මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේ ගොනු කර ඇති මෙම පෙත්සමේ වග උත්තරකරුවන් වශයෙන් නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබිණ.

පෙත්සම්කාර තිළිණ ගමගේ  වෙනුවෙන්  නීතීඥ ලක්නි සිල්වා මෙනවියගේ උපදෙස් මත ජනාධිපති  නීතීඥ නලින් ලද්දුවහෙට්ටි සහ නීතීඥ හෆීල්  ෆාරිස්  පෙනී සිටිය අතර  නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් තුසිත් මුදලිගේ  පෙනී සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *