27 April 2024
#දේශීය

නිදහස් උත්සවයට නාවේ ඇයි ? TNA කරුණු දක්වයි !

ඊයේ (04) පැවති 72 වන නිදහස් දින උත්සවයට තමන් සහභාගී නොවූයේ ජාතික ගීය දෙමල භාෂාවෙන් නොගැයීම නිසා බව දෙමල ජාතික සන්ධාන නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආර්සම්බන්ධන් පවසයි.

මෙම සිදුවීමෙන් මෙරට සමස්ථ දෙමල ජනතාව දැඩි වේදනාවට පත් වූ බවද ඔහු සදහන් කර ඇත.

මෙමගින් මෙරට දෙමල ජනතාවට නිසි පිලිගැනීමක් හෝ නිසි ගරුත්වයක් ලබා නොදීම නිසා තමන් ඇතුළු දෙමල සන්ධානය එම උත්සවය වර්ජනය කල බවද ඔහු පවසා තිබේ.

පසුගිය වසර කිහිපය පුරාම නිදහස් උලෙලේදී දෙමල භාෂාවෙන් ජාතික ගීය ගායනා කල නමුත් මෙවර එසේ නොකිරීම නිසා සමස්ථ දෙමල ජනතාවම දැඩි වේදනාවෙන් සිටින බවද ඔහු තව දුරටත් කියා සිටියේය.

රජය බෙදුම්වාදය ශක්තිමත් කරා – මනෝ ගනේෂන් !

මේ අතර ජාතික නිදහස් දින සමරුවේ දී දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනය නොකිරීම පිළිබඳ  තමන් කණගාටුවන බව දෙමළ ප්‍රතිසංධාන නායක පාර්ලිමේන්තු මන්ත්‍රි මනෝ ගනේෂන්ද  පවසා තිබේ.

එම ක්‍රියාව හේතුවෙන් ශ්‍රී ලාංකීය අනන්‍යතාවය බෙදාගැනීමට දෙමල ජනතාවට තිබූ අවස්ථාවක් අහිමි වූ බව ද ඔහු සඳහන් කර ඇත.

දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කිරීමට ඉඩ නොදීම මගින් රජය විසින් කර ඇත්තේ බෙදුම්වාදය ශක්තිමත් කිරීමක් බව තමන්ගේ අදහස යැයිද ඔහු පැවසීය.

දෙමළ ජනතාව මේ ආකාරයෙන් වෙන් කිරීමෙන් සිදුවන්නේ වෙනම රටක්, වෙන ම ජාතියක් යන ප්‍රභාකරන්ගේ සංකල්පය තවත් තහවුරු කිරීමක් බවත් මන්ත්‍රීවරයා පවසා ඇත.

යාපනයේ උත්සවයේ ජාතික ගීතය දෙමළ බසින් !

කෙසේ වුවත් ඊයේ යාපනයේ නගරයේ පැවැත්වූ නිදහස් දින උත්සවයේ ජාතික ගීතය දෙමළ බසින් ගැයුනු අතර ඊට ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් , ආරක්ෂක අංශ ප්‍රධානීන් ඇතුළු රැසක් සහභාගී ව සිටි බව අප වාර්තාකරුවන් පවසයි.

එසේම යාපනයේ විශ්ව විද්‍යාලයේ ඊයේ කළු කොඩි ප්‍රදර්ශනය කල බවත් ඔවුන් සඳහන් කර සිටියි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *