කටාර් රාජ්‍යයේ පිහිටි ලෝකයේ විශාලතම ද්‍රව ස්වභාවික වායු නිෂ්පාදන මධ්‍යස්ථානයක් වන රාස් ලෆාන් (සංකීර්ණයේ අද දිනයේ සිදුවූ දරුණු පිපිරීමකින් පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව කටාර් බලධාරීන් තහවුරු කරයි. මෙම අනතුරෙන් තවත් පුද්ගලයින් 66 දෙනෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
පිපිරීම සිදුවූ ස්ථානයේ මේ වන විටත් ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වන අතර, අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. ගෝලීය බලශක්ති සැපයුම සඳහා ඉතා වැදගත් මධ්‍යස්ථානයක් වන රාස් ලෆාන් හි සිදුවූ මෙම පිපිරීම හේතුවෙන් ලෝක වෙළඳපොළේ බලශක්ති මිල ගණන් කෙරෙහි ඇති විය හැකි බලපෑම් පිළිබඳව ජාත්‍යන්තර අවධානය යොමුව තිබේ. කටාර් බලධාරීන් අනතුර සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, තුවාල ලැබූවන්ගේ තත්ත්වය සම්බන්ධයෙන් වෛද්‍ය කණ්ඩායම් දැඩි අවධානයෙන් සිටී.
















