• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බංකොලොත් කරපු අයට දඩුවම් නොකර මේ රට අඟලක්වත් ඉදිරියට යන්න බෑ – මන්ත්‍රී පාඨලි

2 July 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

බංකොලොත් කරපු අපරාධකාරයින්ට දඬුවම් නොකර අපට මේ රට අඟලක්වත් ඉදිරියට ගෙනියාමට නොහැකි බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (01) පස්වරුවේ කොළඹ නව නගර ශාලාවේ පැවැති එක්සත් ජනරජ පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් සමුළුව අමතමිනි.

‍‍එහිදී වැඩිදුරටත් අදහස් පල කල පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා “කවුරුහරි පුද්ගලයෙක් පාරේ ගමන් කරමින් ඉන්නවා. ඔහුට වෙඩිල්ලක් කාලා, ඔහුගේ මුදල් පසුම්බිය කපාගන්නවා අපරාධකරුවෙක්. ඒ තුවාලයෙන් ඔහු ලේ වැගිරෙමින් ඉන්නකොට, ඔහුව රෝහලට ඇතුල් කරනවා. දැන් සැත්කමක් කරන්න ඕනේ ඉඳගන්න කියලා. සැත්කම කරන්න. දැන් නොගත්තොත්, ලෙඩා මැරෙනවා කියමින්, තව ගැඹුරට හාරනවා. රෝහල් ගිහිල්ලා උඹට ගෙවන්න තියෙනවා කියලා හැබැයි පර්ස් එක විකුණනවා. මොකක්ද මෙතන නැත්තේ? ඔහුට වෙඩි තබලා පර්ස් එක පැහැරගෙන ගිය අපරාධකාරයා අත්අඩංගුවට අරන් නෑ. ඒ වගේ තමයි අද මේ රටේ සාමාන්‍ය මහජනයාටත් කරලා තියෙන්නේ. දේශපාලකයෝ, නිලධාරීන්, ව්‍යාපාරික පැලැන්තියක් මොකද කරලා තියෙන්නේ? මහජනයාට දරුණු තුවාලයක් කරලා තියෙනවා මේ රටේ. දස ලක්ෂයක් පවුල් වලට. ඒ දරුණු තුවාලය මේ නැතිවෙමින් තියෙන්නේ. තව බදු ගගහාමේ උණ්ඩය හදන්නම් අරගන්නම් කියලා. හැබැයි දඬුවම් දීලා නැති බව හැමෝටම පේනවා. ඒ නිසා අපි යෝජනා කරනවා අපරාධ පිළිබඳ විනිශ්චය කොමිෂන් සභාවක් පත් කරලා මේ රටේ ආර්ථික තීරණ ගත්ත අය විශේෂයෙන්ම මහ බැංකුවේ මුදල් මණ්ඩලය හා මහ බැංකුවේ අධිපතිවරු මුදල් ඇමතිවරු අනිවාර්යෙන්ම වගකිව යුතුයි. ආර්ථික අපරාධ පිළිබඳ විශේෂ කොමිෂන් සභාවකින් මේ අය සම්බන්ධයෙන් මේ රටේ ජනතාවට යුක්තිය අනිවාර්යයි. ඒ වගකීම එක්සත් ජාතික පෙරමුණ ඉටුකරනවයි කියන එක අපි බොහොම පැහැදිලිව ප්‍රකාශ කරන්න ඕනේ. ඒ බංකොලොත් කරපු අපරාධකාරයින්ට දඬුවම් නොකර අපට මේ රට අඟලක්වත් ඉදිරියට ගෙනියන්න බෑ. මහජනයාට මේ දේවල් තවදුරටත් දරාගන්න බෑ. තමන්ගේ බැංකුව නිවැරදිව මේ සල්ලි ආයෝජනය කරනවා කියලා. දැන් අර්ථසාධක අරමුදලේ සේවකයින්ට තිබිච්ච විශ්වාසය මහ බැංකුව කඩලා ඒ ප්‍රතිලාභය නැති කරලා තියෙනවා. අවුරුදු තුනක් ඇතුළත අයිස්ලන්තය බංකොලොත්භාවයෙන් මිදිලා බලගතු රටක් හැටියට ඉදිරියට ගිහින් තියෙනවා. ඒ විදියට ආර්ථික අපරාධකරුවන්ට දඬුවම් දෙන්න. අපි මෙතන මේ ආරම්භ කරපු ක්‍රියාවලිය, කොළඹ තියෙන ආසන 15 ම ඉදිරි කාලයේ අපි ගෙනියන්න ඕනේ. වැඩි වැඩියෙන් අපේ සංවිධානය වීම අවශ්‍යයි. අනිත් අයගේ විවේචනයට වඩා අවශ්‍ය රට ගොඩනගන්න අපට පුළුවන් කියන විශ්වාසය. ඒ විශ්වාසය අපි කොහොමද ගොඩනගාගෙන තියෙන්නේ? අද ඔය සමහර ඇත්තෝ විවිධ කතා පවත්වනවා. හැබැයි මේ අය ලක්ෂ විස්ස තිහ පගාව අරගෙන තමයි ඒ කටයුත්ත කළේ. ඒ නිසා අපි මෙතනට වැඩ කරලා ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා අමුතුවෙන් අපිව පරීක්ෂා කරන්න දෙයක් නෑ. අපි කණ්ඩායම අලුතින් පරික්ෂා කරන්න යන්නෑ. අලුත් මිනිස්සු ඕනේ. අලුත් මිනිස්සු මේ හැම දිස්ත්‍රික්කයේ ම හැම තැනකින්ම අපිට අලුත් ජන බලයක් ඕනේ. අන්න ඒ ජන බලය ගොඩනඟා ගැනීම සඳහා ඔබ සියලු දෙනාම අද සිට සැප්තැම්බර් මාසය දක්වා වැඩ කරන්න. මේ සැප්තැම්බර් මාසය වෙනකොට මේ රටේ සෑම දිස්ත්‍රික්කයේ ම ජනරජ පෙරමුණේ සමුළු පවත්වා අවසන් කරනවා ලබන සතියේ අපි ගම්පහට. ඊළඟ සතියේ අපි මහනුවරට ආදී වශයෙන්. අපි සංවිධානය වෙන්නෙ, රටේ ජනතාවට අහිමි වෙච්ච සමෘද්ධිය මේ රටේ ජනතාවට රටට ලබාදෙන වැඩපිළිවෙළක් අපි දියත් කරලා තියෙන්නේ. ඉදිරි කාලයේ දී මුළු දිස්ත්‍රික්කය ම විධිමත් විදිහට ශක්තිමත් විදිහට සංවිධානය කරගෙන අපගේ ඊළඟ මහා සමුළුව මේ රටේ හැම බිම් අඟලක්ම නියෝජනය කරන දැවැන්තම පක්ෂයක් බවට එක්සත් ජනරජ පෙරමුණ පත් කරගන්න අධිෂ්ඨාන කරගන්න.“මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

මේ අවස්ථාවට එක්සත් ජනරජ පෙරමුණේ දේශපාලන මණ්ඩල සාමාජිකයන්, මධ්‍යම කාරක සභා සාමාජිකයන්, ජාතික මණ්ඩල සාමාජිකයන්, පක්ෂ ක්‍රියාකාරීන් ඇතුළු විශාල පිරිසක් එක් ව සිටියහ.

 

Post Views: 8
Previous Post

වසර තුනකට පසු ජාතික ඉදිකිරීම් සම්මාන උළෙල යළි ඇරඹේ

Next Post

අධ්‍යාපන ඇමැති සුසිල් ‘Commonwealth Of Learning 40 වැනි පාලක මණ්ඩල රැස්වීමට සහභාගි වෙයි

editor

editor

Next Post

අධ්‍යාපන ඇමැති සුසිල් 'Commonwealth Of Learning 40 වැනි පාලක මණ්ඩල රැස්වීමට සහභාගි වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

14 May 2025
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025

Recent News

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

14 May 2025
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

14 May 2025
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved