• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මේ රජය ආර්ථික අභියෝගයත් ජය ගන්නවා- ඇමැති මහින්ද

29 November 2020
in සංවර්ධන

වසංගත තත්ත්වයට සාර්ථකව මුහුණ දීමේ හැකියාව වත්මන් රජයට හැකිව තිබෙන අතර වැටුනු ආර්ථික අභියෝගත් ජයගන්නවා යැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. 

කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා අපේ රටට ලැබුනු ආදායම් මාර්ග සියල්ලම ඇහිරිලා තිබෙනවා. නමුත් ජනතාවට ලබා දෙන සහන කිසිවක් මේ වන තෙක් රජය විසින් කප්පාදු කර නැහැ. ඒවා අඛණ්ඩවම ලබා දෙනවා. දැන් රටේ අපනයන ආදායම අඩු වෙලා. මැදපෙරදිග සේවය කළ පිරිස්වලින් එන ආදායම අඩුවෙළා. සංචාරක කර්මාන්තය මුලු මනින්ම බිඳ වැටී අවසන්. ඇගළුම් කර්මාන්තයට කොවිඩ් 19 වසංගතය බරපතල ලෙස බලපෑම් එල්ල කර තිබෙනවා.

නමුත් මෙම වසංගත තත්ත්වයට සාර්ථකව මුහුණ දීමේ හැකියාව මේ රජයට තිබෙනවා. අපි කොවිඩ් 19 වසංගත තත්ත්වය ජයගන්නවා වගේම කොවිඩ් 19 නිසා වැටුනු ආර්ථික අභියෝගත් ජයගන්නවා යැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ ( 28) මත්තල දී පැවැති වැඩසටහනකට සහභාගි වෙමිනි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගෙවතු අක්කර 400ක බඩඉරිගු වගා කිරීම සඳහා උසස් තත්ත්වයේ බීජ අමාත්‍යවරයා විසින් නොමිලයේ ගොවීන්ට බෙදා දිම සිදු කෙරිනි.

පහළ මත්තල විහාරස්ථානයේ දී මෙම වැඩ පිළිවෙළ ආරම්භ වු අතර අනුරාධපුර පුද්ගලික සමාගමක් විසින් නැවත අස්වනු මිල දී ගැනීමේ පදනම යටතේ එම බීජ ලබා දීමට පියවර ගෙන තිබිනි. මෙහිදී අමාත්‍යවරයා විසින් ගොවි පවුල් 360කට බඩඉරිගු බීජ බෙදා හැරීමට පියවර ගත්තේය.

එහිදී අදහස් දැක්වු අමාත්‍යවරයා “කොවිඩ් 19 නිසා ඉදිරියේ දී ලොව පුරා ආහාර අර්බුදයක් පැන නැගිය හැකි තත්ත්වයක් තිබෙනවා. ඒ නිසා අපේ රටේ වගා කළ හැකි හැම බිමක්ම වගා කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමන් අපිට උපදෙස් දුන්නා. මම කෘෂිකර්ම අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරද්දී බෝග වර්ග 06කට රක්ෂණ ආවරණයක් ලබා දෙන්න පියවර ගත්තා. වී, බඩඉරිගු, අර්තාපල්, සෝයා බෝංචි, මිරිස් හා බී ලූනු සඳහා එම රක්ෂණ ආවරණය ලැබෙනවා. තවමත් එම රක්ෂණය ක්‍රියාත්මකයි. අපි කියන්නේ ගොවීන්ට බය නැතිව වගා කරන්න. මෙම බෝග වගා කිරීමෙන් පසු වගා හානියක් සිදුවුනොත් හෙක්ටෙයාර් එකකට රුපියල් ලක්ෂයක වගා හානි රක්ෂණ මුදලක් ලබා දෙනවා. මම හම්බන්තොට ගෙවතු අක්කර 200ක බඩඉරිගු වගා කරන්නට අවශ්‍ය ඉහළ තත්ත්වයෙන් යුත් බීජ ලබා දෙන්න තීරණය කළා. නමුත් මහජනතාවගේ ඉල්ලීම පරිදි එම ප්‍රමාණය අක්කර 400 දක්වා වැඩි කරනවා. මෙම බීජවලින් ලැබෙන සියලු අස්වැන්න මිල දී ගැනීමට පුද්ගලික ආයතනයක් කටයුතු කරනවා. ඒ නිසා ඔබලාට බය නැතිව වගා කරන්න පුලුවන්. වන අලි හානි සඳහා තිරසාර විසඳුමක් ලබා දිමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව ගම්මානවලට වන අලින්ට කඩා වැදීමට නොහැකි පරිදි කානු කැපීම මෙන්ම ස්ථිර විදුලි වැට ඉදිකිරීම සඳහා මෙවර අයවැයෙන් මුදල් වෙන් කර තිබෙනවා. ඒ නිසා වන අලි විසින් සිදු කරන වගා හානි නැවැත්වීම සඳහා ඉක්මනින්ම රජය අවශ්‍ය පියවර ගන්නවා යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

 

Post Views: 4
Previous Post

මාලදිවයිනේ ආරක්ෂක ඇමැතිනිය ඇතුළු දූත පිරිස අගමැති හමුවෙති

Next Post

මාර්ග 341 ක් සංවර්ධනය කිරීමේ කටයුතු රටපුරා ඇරඹේ

editor

editor

Next Post

මාර්ග 341 ක් සංවර්ධනය කිරීමේ කටයුතු රටපුරා ඇරඹේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved