• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මේ ආණ්ඩුව අමානුෂිකත්වය, දුෂ්ටත්වය සහ අශිෂ්ටයි – විපක්ෂනායක

10 August 2021
in දේශීය

ආණ්ඩුව තමන්ගේ, වසරක ශේෂ පත්‍රය මෙරටට ඉතුරු කොට ඇත්තේ අසාර්ථකත්වය නොහැකියාව මෙන්ම අනෙක් පැත්තෙන් අමානුෂිකත්වය, දුෂ්ටත්වය සහ අශිෂ්ටත්වය බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායකවරයා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත්තේ ආණ්ඩුවේ  පවත්නා හිතුවක්කාරී මනෝභාවය පමණක් බවත්

ඔවුන් සෙල්ලම් කරමින් සිටින්නේ මේ රටේ අහිංසක ජනජීවිත සමග බව ඔවුන් මායිම් නොකරන අතර මෙයින් සිදුවන අතිශය කනගාටුදායක බවයි.

 

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මාධ්‍ය වෙත නිකුත් කල නිවේදනය සම්පුර්ණයෙන් පහත පරිදි වේ.

 

ගෑස් කිරිපිටි පෝලිම සමග ආණ්ඩුව සැරසෙන්නේ ඉන්ධන පෝලිමට ද?

ජනතාවට අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍යවන ගෑස් සහ කිරිපිටිවල බරපතළ හිඟයක් මේ වනවිට රටපුරා මතුව තිබේ. ගෑස් ලබා ගැනීම සඳහා විශාල පෝලිමේ  මේ වනවිට වෙළඳසැල්  ආශ්‍රිතව දැක ගන්නට ලැබෙන අතර කිරිපිටි ලබා ගැනීමට අදාල තත්ත්වයද එසේම ය.

ආණ්ඩුව තමන්ගේ, වසරක ශේෂ පත්‍රය මෙරටට ඉතුරු කොට ඇත්තේ අසාර්ථකත්වය නොහැකියාව මෙන්ම අනෙක් පැත්තෙන් අමානුෂිකත්වය, දුෂ්ටත්වය සහ අශිෂ්ටත්වයයි. 

•
කොරෝනා ව්‍යසනයෙන් අන්ත පීඩාවට පත්වෙමින් දැඩි දුෂ්කර ජීවිත ගතකරන ජනතාවට ආහාර ටිකක් පිසගැනීමට අවශ්‍ය ගෑස් පවා මේ වනවිට අහිමිව ඇති අතර කිරිපිටි මේ වන විට අති සුඛෝපභෝගී භාණ්ඩයක් බවට පත් කිරීමට ආණ්ඩුව කටයුතු කොට ඇත. දරුවෙකුට කිරිපිටි ටිකක් ලබාදීමට සොයා ගැනීමට නොහැකි තත්වයක් උද්ගතව තිබේ.

විශේෂයෙන්ම අදාල ගෑස් සමාගම් පවසන්නේ අලාභ ලබමින් ගෑස් ව්‍යාපාරය කළ නොහැකි බව වන අතර ඔවුනට සහනාධාර ලබාදී අදාල අලාභය ප්‍රතිපූර්ණය කිරීමට ආණ්ඩුවට මුදල් නැත.ආණ්ඩුව මුදල් අහිමිකර ගත්තේ පැමිණි වහාම අන්තනෝමතික ලෙස ධනවතුන්ට බදු සහන ලබා දෙමිනි.එයින් රුපියල් බිලියන 600ක් අහිමි විය.

•  සියලු පාරිභෝගික භාණ්ඩවල මිල ගණන් මේ වනවිට දරාගන්නට නොහැකි තරම් ඉහල ගොස් ඇති අතර ආණ්ඩුවට ඒ පිළිබඳව කිසිදු තැකීමක් නැත. 

• මේ වන විටත් රට පුරා ඉන්ධන සංචිතවල බරපතළ හිඟයක් පවතින අතර තෙල් ආනයනය කිරීමට ඇති බරපතළ ගැටලුව විසඳා නොගතහොත් ඒකාන්ත වශයෙන්ම  බරපතළ ඉන්ධන හිඟයකට ද ලංකාව මුහුණ දෙනු ඇත. 

• ශ්‍රී ලාංකික වැඩිහිටියකුට සිය වැටුපෙන් සියයට හැටහයක් ආහාර වෙනුවෙන් වැයකිරීමට සිදුවන බව එක්සත් රාජධානිය ‘ගෝලීය ජීවන වියදම් දත්ත පද්ධතිය’ (global cost-of-living database) අනාවරණය කර ඇති අතර ආහාර  වියදම දරා ගැනීමේ හැකියාව අතින් ලොව දුප්පත්ම රටවල් අතර පස් වැනි ස්ථානයට අපේ රට තල්ලු වී ඇත. මේ අතර කොරෝනා ව්‍යසනයෙහි උච්චස්ථානයට ශ්‍රී ලංකාව ළඟා වෙමින් සිටින අතර ආණ්ඩුව අතින් එහි පාලනය අතිශය අසාර්ථක ලෙස ගිලිහී ගොස් තිබේ.

• ආණ්ඩුව ක්‍රමානුකූලව සහ ඉතා සාර්ථකව ලෙස සිදුකරමින් සිටින එකම කාර්යය වන්නේ මුළු මහත් රටත් එහි ජනතාවත් මහා ව්‍යසනයක දොරටුව වෙත තල්ලු කිරීම පමණි.

• රටේ තත්ත්වය මොහොතින් මොහොත බරපතළ ව්‍යසනකාරී තත්ත්වයක් කරා ඇදෙමින් පවතින අතර මහා අභිෂේකයකින් පසුව පත්කළ නව මුදල් අමාත්‍යවරයා යටතේත් සිදුවන්නේ මෙතෙක් සිදු වූ සුපුරුදු ක්‍රියාපිළිවෙත පමණි. වෙනසකට ඇත්තේ විනාශය වෙනදාටත් වඩා උග්‍ර වීමය.

 රට මුහුණ දී සිටින සිටින වත්මන් බරපතළ තත්ත්වය පිළිබඳව සියලු පක්ෂ එකතු වී සාකච්ඡා කොට කඩිනම් තීන්දුවක් ගැනීම අත්‍යවශ්‍ය වුවත් මේ දක්වා ආණ්ඩුවට ඒ පිළිබඳව කිසිදු උනන්දුවක් නැත. එයින් ගම්‍ය වන්නේ අන් කිසිවක් නොව ආණ්ඩුවේ  පවත්නා හිතුවක්කාරී මනෝභාවය පමණි.

ඔවුන් සෙල්ලම් කරමින් සිටින්නේ මේ රටේ අහිංසක ජනජීවිත සමග බව ඔවුන් මායිම් නොකරන අතර මෙයින් සිදුවන අතිශය කනගාටුදායක ප්‍රතිඵලයට වන්දි ගෙවන්නට වන්නේ රටේ අහිංසක ජනතාවටය.

සජිත් ප්‍රේමදාස,

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු විපක්ෂ නායක සහ

සමගි ජන බලවේගයේ නායක.

 

 

Post Views: 16
Previous Post

විවාහ උත්සව සඳහා සහභාගි විය හැක්කේ 50 කට පමණයි – යුධ හමුදාපති

Next Post

කොවිඩ් 19 එන්නත්කරණය සඳහා තවදුරටත් නාවික හමුදා සහය

editor

editor

Next Post

කොවිඩ් 19 එන්නත්කරණය සඳහා තවදුරටත් නාවික හමුදා සහය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved