27 April 2024
#දේශීය

මේ තියෙන්නේ විපත් ආණ්ඩුවක් – විපක්ෂනායක කියයි

රටේ ඇත්තේ වියත් ආණ්ඩුවක් නොව විපත් ආණ්ඩුවක් යයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ අද (25) අම්බලන්තොට සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්විය.

දේශප්‍රේමය,ජාති ආලය යනාදී සියල්ල  ඩොලර් කුට්ටි අබියස සුනු විසුනු වී ඇතැද ආණ්ඩුව විදේශීය සමාගම් ඉදිරියෙත් දණින් වැටී ඇතැයි හෙතෙම පැවසිය.

අද වන විට ජනතාව මුහුණ දෙන සියලු ප්‍රශ්නවල නිර්මාණකරුවා වන්නේ ආණ්ඩුව බවත් ආණ්ඩුවේ අන්තනෝමතික ලෙස කටයුතු කිරීමෙහි ප්‍රතිඵල ජනතාවට විඳින්නට සිදුව ඇතැයිද ඒ මහතා අනාවරණ කළේය.

මේ රටේ අහිංසක ගොවිජනතාව ඉල්ලා සිටින්නේ ප්‍රමිතිගත පොහොර බව පැවසූ විපක්ෂ නායකතුමා, ඒ වෙනුවට ආණ්ඩුව පොහොර ඛේදවාචකයක් නිර්මාණය කොට ඇතැයි ද,මේ පොහොර වංචාවට හවුල් වූ සියලු දෙනා නීතිය ඉදිරියට ගෙනැවිත්  මේ රටේ ගොවි ජනතාව වෙනුවෙන් සාධාරණය ඉටු කිරීමේ වගකීම සමගි ජන බලවේගය බාරගන්න බවද ඒ මහතා පැවසීය 

එය සංවිධානය කොට තිබුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී ත්‍රීසිංහ ගාමිණී මහතා විසිනි. එම අවස්ථාවට හිටපු රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි, පළාත් සභා මන්ත්‍රී තෙන්නකෝන් නිලමේ ඇතුළු මහජන නියෝජිතයින් රැසක්ද, ප්‍රදේශවාසීන් විශාල පිරිසක් ද එක්ව සිටියහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *