19 May 2024
#දේශීය #පුවත්

මහ දවාලේ ජාතික දේපල හා සම්පත් මංකොල්ලකන යුගයක් මේක – විපක්ෂ නායක සජිත්

බංකොලොත් රටෙත් දුෂණය වංචාව හොරකම වැඩි වී ඇති බවත් විසා ලබා දෙන මගඩියත්, කුප්‍රකට දේශීය හා ජාතික සම්පත් මංකොල්ලකන ක්‍රියාදාමයක් බවට පත්ව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 178 වැනි අදියර යටතේ අද කොළඹ කැස්බෑව ආනන්ද සමරකෝන් විද්‍යාලයට රුපියල් 1,177,000ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙම පාසල් සංවර්ධන සමිතියට රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කළේය.

එහිදී විපක්ෂනායකවරයා පැවසුවේ වීසා ක්‍රමය වෙනස් කිරීමේ දී ප්‍රසම්පාදන වැඩපිළිවෙළක්, ටෙන්ඩර් වැඩපිළිවෙළක්, තරගකාරි ක්‍රමයක් නිර්මාණය කළේද කියා ගැටලුවක් ඇති බවත් බංකොලොත් රටේත් තවම පාඩම් ඉගෙන ගෙන නොමැති බවයි.

පුනර්ජනනීය බලශක්තිය කියා ටෙන්ඩර් ක්‍රමවේදවලින් බැහැරව ජාතික දේපල හා සම්පත් මහදවලේ මංකොල්ලකමින් සිටින යුගයක ජනතාව අවබෝධයෙන් කටයුතු කළ යුතු බවත් දූෂණය වළක්වා දූෂණ විරෝධී ක්‍රියාදාමයකට ශක්තිය ලබා දිය යුතු බවත් දූෂණය වැළැක්වීම අණපනත්වලින් පමණක් නොව ඒ සඳහා වඩාත් ස්වාධීනත්වයක් ලබා දී පහසුවෙන් වෙනස් කළ නොහැකි පරිච්ඡේදයක් ලෙස සකස් විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඩිජිටල් ශ්‍රී ලංකාවක් ගොඩනගන බවට දේශපාලනඥයෝ කියාගෙන ගියත් ඩිජිටල් ශ්‍රී ලංකාවක් කිරීමට අවශ්‍ය දේවල් අප රටේ අධ්‍යාපන පද්ධතියේ නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ක්‍රමයේ වෙනස ගැන ලොකුවට කතා කරන මේ අවස්ථාවේ සමගි ජන බලවේගය දේශපාලන ක්‍රමය පවා වෙනස් කළ නිසා අධ්‍යාපන ක්‍රමයේද වෙනසක් ඇති කරන බව හෙතෙම කියා සිටියේය.

ඉදිරියේ දී බිහි වන විපක්ෂයන්ට කතාවට පමණක් සීමා නොවිය යුතු බවත් කතාව විවේචන මෙන්ම රට වෙනුවෙන් විශාල වැඩකොටසක් සිදු කිරීමට සිදුවන බවත් රජය ඔවුන්ට පැවරී ඇති වැඩ ඉටු කරන විට විපක්ෂය ද කටවචනයෙන් පමණක් නොව ක්‍රියාවෙන්ද රට වෙනුවෙන් වැඩකොටසක් සිදු කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *