19 May 2024
#දේශීය #පුවත්

ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණය මිස මේ වසරේ වෙනත් මැතිවරණයක් නැහැ – ඇමති ප්‍රසන්න

ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණය මිස මේ වසරේ වෙනත් මැතිවරණයක් නොමැති බව ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා මතුකළ ප්‍රශ්නයකට ඊයේ ( 7) පාර්ලිමේන්තුවේදී පිලිතුරු දෙමිනි.

නමුත් විපක්ෂය පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙසට රජයට බලකරමින් මේ මොහොතේදී රජයේ සංවර්ධන කටයුතු පිළිබඳවත් රටට වැරදි මතයක් ඉදිරිපත්කරන බවද අමාත්‍යවරයා කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *