• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රටක් ලෙස ජය ගන්න පුලුවන් හොදම අවස්ථාව මෙයයි -අමාත්‍ය රොෂාන්

28 June 2022
in දේශීය

වගා කලොත් ඔබ දිනුම් බවත් රටක් ලෙස ජයගන්න පුලුවන් හොදම අවස්ථාව මෙය බව වාර්මාර්ග, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසූවේ ඊයේ (27) දින මහවැලි කළාපයේ ගොවි පවුල්වල ජීවන තත්ත්වය නගා සිටුවීම සදහා ජාතික වැඩසටහනක් සැකසීමට විද්වතුන් සමඟ මහවැලි අධිකාරියේ පැවති සාකච්ඡාවක් අතරතුර දී ය.

එහිදී අමාත්‍යවරයා මෙසේ අදහස් කලේය ” අතිගරු ජනාධිපතිතුමා, ගරු අග්‍රාමාත්‍යතුමා වාරිමාර්ග, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ වගකීම මට භාරදුන්නේ ලොකු විශ්වාසයක් ඇතිව. ඒ වෙනුවෙන් මේ කාලය තුළ උපරිම සාධාරණයක් කළ යුතුයි කියන තැන මම ඉන්නවා. මම දකින්නේ රටේ උද්ගතව ඇති මේ තත්ත්වය රට ගොඩ නැගීමට හැකි හොදම අවස්ථාවක් ලෙසයි. අපේ අඩුපාඩු හදුනාගෙන පාඩු ලබන රජයේ ආයතන පිළිබදව සොයා බලා ජාතික ප්‍රතිපත්තියක් සකස් කළ යුතුයි.21 වෙනි ව්‍යවස්ථා සංශෝදනයෙන් මහජනතාවට ලැබෙන්නේ මොනවාද කියා ඔවුන් බලාගෙන සිටිනවා. ජාතික කරුණු එසේ තිබියදී අපි අපේ අමාත්‍යාංශ තුළින් මහජනතාව වෙත උපරිම සේවාවක් ලබා දෙන්න කටයුතු කරනවා. අපි අපේ අමාත්‍යාංශ අන්තර්ජාතික තත්ත්වයන් අධ්‍යනය කර ලංකාවට ගැලපෙන ලෙස නැවත ව්‍යුහගත කළ යුතුයි. කෘෂි පර්යේෂණ නිළධාරීන්ට ගම වගා කිරීමේ ඉලක්කයක් ලබා දිය යුතුයි. ගම තුළ රාජකාරි කටයුතු ඉටු කරන සෙසු රජයේ නිළධාරීන් හටද ඉලක්කගත වැඩ කොටසක් ලබා දිය යුතුයි. පසු විපරම් කිරීම, ප්‍රගතිය පිළිබද සොයා බැලීම තුළින් ඔවුන්ගේ කාර්යභාරයන් නිසි ආකාරයෙන් ඉටු වී ඇතිද යන කාරණය සොයා බැලිය හැකියි. අද මෙම සාකච්ඡාවට කෘෂිකර්මය, වාරිමාර්ග, පශුසම්පත්, මූල්‍ය කළමනාකරණය, ආහාර අපනයන, ආයෝජන වැනි විවිධ අංශවල ප්‍රවීනතම විද්වතුන් රැස්වෙලා ඉන්නවා. උද්ගතව ඇති තත්ත්වය හේතුවෙන් අසරණව සිටින මහවැලි කළාපයේ ගොවි ජනතාව නගා සිටුවීමට ජාතික වැඩසටහනක් සැකසීම මෙම සාකච්ඡාවේ අරමුණයි. මෙතෙක් අපි අති විශාල මුදලක් වැය කර තිබෙනවා මහවැලි කලාපවල සිටින ගොවීන් නගාසිටුවන්න. එච් කලාපයේ හා වලව කලාපයේ ගොවීන් යම් තාක් දුරට දියුණු මට්ටමකට පැමිණිය ද අනෙකුත් කලාපවල ගොවීන්ට දියුණු මට්ටමකට ඒමට නොහැකි වී තිබෙනවා. අපි එම ගැටලු හදුනාගෙන ඔවුන් නගාසිටුවීමේ කඩිනම් සැළසුමක් ක්‍රියාත්මක කළ යුතුව තිබෙනවා. මහවැලි කලාපයේ තරුණයින් නවීන කෘෂිකාර්මික දැනුමෙන් පෝෂණය කළ යුතුයි. අපනයන කෘෂි බෝග සදහා ඔවුන් යොමු කළ යුතුයි. මහවැලි කලාපය තාක්ෂණික කෘෂි ගම්මානයක් බවට පත් කිරීම අපේ අරමුණයි. ඒ සඳහා මම විද්වත් ඔබෙන් සහයෝගය ඉල්ලා සිටිනවා. යැයි අමත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම අවස්ථාවට වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් යූ.ඩී.සී.ජයලාල්, වාරිමාර්ග අමාත්‍යාංශයේ උපදේශක ටිරාන් ද සිල්වා, මහාචාර්ය ඒ.ඒ.වයි. අමරසිංහ, මහාචාර්ය රංජිත් ප්‍රේමලාල් ද සිල්වා, මහාචාර්ය චන්දිමා විජේගුණවර්ධන, මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර, මහාචාර්ය එච්.ඩබ්ලිව්. සිරිල්, ආචාර්ය සූරතිස්ස දිසානායක, ඉන්ජිනේරු ඒ.ඩී.එස්. ගුණවර්ධන, කෘෂි ව්‍යාපාර සංවර්ධන අධ්‍යක්ෂ රුක්ෂාන් ගුණතිලක යන මහත්වරුන් ඇතුලු වාරිමාර්ග අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ නිළධාරීහු සහභාගී වූහ.

Post Views: 2
Previous Post

බදින තුවක්කුවකට හසුවී දළ ඇතෙකු මිය යයි

Next Post

ජනතා කැරැල්ලක් ආරම්භ කරන බව විපක්ෂනායක කියයි

editor

editor

Next Post

ජනතා කැරැල්ලක් ආරම්භ කරන බව විපක්ෂනායක කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved