• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මේ පදක්කම අයිති මට ශක්තියක් වුණ අයටයි – නෙත්මි අහිංසා

8 August 2022
in ක්‍රීඩා

තමාට අවශ්‍ය වුනේ රන් පදක්කමක් දිනාගැනීමට බවත් කෙසේ හෝ මෙරටට පදක්කමක් ගෙන එමට හැකි වු බවත් එය තමාට ශක්තියක් වුණ සියළු දෙනාට අයිති බව මල්ලවපොර ක්‍රිඩිකා නෙත්මි අහිංසා පවසයි.

ක්‍රීඩා උලෙළේ කාන්තා කිලෝග්‍රෑම් 57 මල්ලවපොර ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට 18 හැවිරිදි නෙත්මි අහිංසා පසුගියදා සමත් වුණේය.

ඇය අද (08) අලුයම දිවයිනට පැමිණි අතර ඇයව පිලිගැනීම සඳහා ක්‍රිඩා අමාත්‍යාංශයේ නිලධාරීන් සහ මල්ලවපොර සංගමයේ නිලධාරීන් ගුවන්තොටුපොළ පරිශ්‍රයට එක්ව සිටියේය.

එහිදී මාධ්‍ය වෙත අදහස් දැක් වු නෙත්මි අහිංසා ” ඇත්තටම ගොඩක් සතුටුයි. නමුත් මම බලාපොරොත්තු වුණේ රන්පදක්කම දිනාගන්න. නමුත් මට ඒක නොහැකි වුණා. ගොඩක්ම සතුටු හිතෙන්න මල්ලවපොර ඉතිහාසය වෙනස් කරමින් ලංකාවට පළමු වතාවට මල්ලවපොරවලින් පොදුරාජ්‍ය මණ්ඩලයීය නියෝජනය කරමින් පදක්කමක් ගෙන එන්න හැකිවුණ එක ගැන. ලංකාවේ මේ පවතින තත්ත්වයත් එකක් ලංකාවට පදක්කමක් අරගෙන කීර්තියක් අත්කර දුන්න එක ගැන සතුටුයි. මට හැබැයි රන් පදක්කම ගන්න බැරි වුණා. ඒ හැම දුර්වලතාවයක්ම හදාගෙන ඊළඟ පාර තියෙන්නේ ඔලිම්පික්.. මම ඔලිම්පික් යන්නනම් රෑන්කින් සීනියර් මීට් ගොඩක් අල්ලන්න තියෙනවා. ඒ හැම එකක්ම නියෝජනය කරලා. ඔලිම්පික්වලට කොලිෆයිඩ් වෙන්න මම සූදානම්වෙනවා. මගේ පුහුණුකරුතුමාත් සමඟ. ඔලිම්පික්වලින් පදක්කමක් ගෙන එන්න මම බලාපොරොත්තු වෙනවා. මේ තැනට එන්න ගොඩක් උදව් කළා ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවෙන්. ඒ වගේම ක්‍රීඩා අමාත්‍යාංශයේ සියලුම දෙනාට ස්තූතිවන්ත මේ අවස්ථාවේදී වෙනවා. මගේ තාත්තා පෙදරේරුවෙක් ඒත් මොන ආර්ථික අපහසුතා තිබුණාත් මම ඉල්ලන හැමදෙයක්ම මට ගෙනත් දුන්නා. අම්මයි තාත්තායි මට පුළුවන් විදිහට කන්න දුන්නා. ඇත්තම ඒ දෙන්නා ලොකු ශක්තියක් වුණා. මගේ මාස්ටර් ඒ දෙන්නට බැරි දේවල් මට දුන්නා. ඇත්තටම මේ පදක්කම මට නෙමෙයි අයිති වෙන්න ඕනේ එයාලටයි, මගේ රටටයි. ඒ වගේම පදක්කමේ සම්පූර්ණ අයිතිය මේ රටට.” යැයි ඇය වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 25
Previous Post

රට හදන්න තනතුරු අවශ්‍ය නෑ – විපක්ෂනායක සජිත්

Next Post

මැතිවරණයක් අවශ්‍යයි – විපක්ෂනායක සජිත්

editor

editor

Next Post

මැතිවරණයක් අවශ්‍යයි - විපක්ෂනායක සජිත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved