27 April 2024
#දේශීය

මේ සතියේ පාර්ලිමේන්තුව හෙට පමණයි – සභානායක

මේ සතියේ පාර්ලිමේන්තුව රැස්වීම හෙට(17) දිනයේ පමණක් පැවැත්වීමට අද(16) පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය වූ බව, සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

පවතින කෝවිඩ් තත්ත්වය මත අද දිනයේ හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවූයේද සභානායකවරයාගේ ඉල්ලීම මතය.

 

ඒ අනුව හෙට(17) දිනයේ, “2019 කොරෝනා වෛරස් රෝගය(කෝවිඩ් 19) (තාවකාලික විධිවිධාන) පනත් කෙටුම්පත” සම්මත කර ගැනීම සඳහා දෙවනවර කියවීම අවස්ථාව සහ නියෝග 4ක් සම්මත කරගැනීමට ඉදිරිපත් කිරීමට නියමිතය.

ඉන්පසු ලබන සැප්තැම්බර් 06 වන සඳුදා දක්වා පාර්ලිමේන්තුව කල් තැබීමට තීරණය වූ බවයි, සභානායකවරයා කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *