27 April 2024
#දේශීය

දුන්නු සහයට ස්තුතියි – ඇමැති පවිත්‍රා සෞඛ්‍ය කාර්ය මණ්ඩය සිය කෘතඥතාව පළ කරයි

වසර 02 කට ආසන්න කාලයක් පුරා මෙරට සෞඛ්‍ය සේවාවේ උන්නතිය සදහා මෙන්ම ගෝලීය වසංගතයක් බවට පත් වූ කොවිඩ් වසංගතය හමුවේ සෞඛ්‍ය සේවාවන් ශක්තිමත්ව පවත්වාගෙන යාමට සියළු දෙනා ලබා දුන් සහයෝගයට ස්තුතිය පල කරන බව ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

තමා හට සහයෝගය ලබාදුන් සෞඛ්‍ය ලේකම්තුමා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමා ඇතුලු සෞඛ්‍ය සේවයේ විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද, අතුරු වෛද්‍ය සේවා, කණිෂ්ඨ කාර්ය මණ්ඩල ඇතුලු සියළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට මෙසේ පවසා සිටියේ.

නව සෞඛ්‍ය අමාත්‍යවරයාට ද සියළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල සහයෝගය එලෙසින්ම ලබාදෙන ලෙස ද පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වැඩිදුරටත් පවසන ලදි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *