සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසා තිබෙන්නේ ආණ්ඩුවේ ජනප්‍රියතාවය සියයට 15කින් පහත බැස ඇති බවත්, මේ වන විට ආණ්ඩුව කෙරෙහි ජනතාව දැඩි කළකිරීමකට පත්ව ඇති බවත්ය.
සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ආණ්ඩුවේ ආර්ථික කළමනාකරණය, අපේක්ෂාවන් සහ සමාජයේ තෘප්තිමත්භාවය සම්බන්ධයෙන් ජනතාව සතුව තිබූ විශ්වාසය සැලකිය යුතු ලෙස අඩුවී ඇති බවයි. ආණ්ඩුව ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු කිරීමට අපොහොසත් වීම සහ ආර්ථිකය ගොඩනැගීමට ගන්නා උත්සාහයන් අසාර්ථක වීම මෙම තත්ත්වයට හේතු වී ඇති බව ඔහු පෙන්වා දුන්නේය.














