• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

ජම්පර් අදින්න අය අද ඉන්නේ පාර්ලිමේන්තුවේ

25 June 2018
in ක්‍රීඩා
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

ජම්පර් අදින්න අය අද ඉන්නේ පාර්ලිමේන්තුවේ බව මුදල් අමාත්‍යංශ අධීක්ෂණ මන්ත්‍රී අනුරාධපුර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ අනුරාධපුරයේ පැවති මාධ්‍ය හමුවකදීය,

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

ඒකාධිපති පාලනයක් ලංකාවට නම් අවශ්‍යය නෑ, ඉඩි ආමීන්ලා, හිට්ලර්ලාගේ පාලනයක් මේ ලංකාවට ඕන නෑ,ලංකාවේ මහජන ජන්දයෙන් තමයි නායකයෝ පත් වෙන්නේ.මේක පාකිස්ථානයක් නෙමෙයි.ඒකාධිපති පාලනයක්, මිල්ටරි පාලනයක් ලංකාව ආවොත් කවදාවත් මේ රටට අනාගතයක් නෑ.තියෙන දේවලුත් නැති වෙලා යනවා.මේ ලංකාවට හිට්ලර්- බට්ලර් ලා අවශ්‍යය නෑ.හිට්ලර් -බට්ලර් කියන්නේ මිනීමරුවෝ, ඒ වගේ අය මේ ලංකාව පාලනයට ඕන නෑ.මේක බෞද්ධ රටක්, මේ රට පාලනය කරන්න සුදුසුම නායකයා බෞද්ධ නායකයෙක් පමණයි.මේ බෞද්ධ රට නියම බෞද්ධ නායකයෙකුට පාලනය කරන්න දුන්නොත් තමයි අපිට අනාගතයක් තියෙන්නේ.

මේ වන විට පාතාලය හිස එසවීමක් සිදු වෙලා තියෙනවා.කොහොම මේ දේවල් ඇති වෙනවාද කියලා හිතාගන්න බැරි වෙලා තියෙනවා. ජනාධිපතිතුමන්, අගමැතිතුමන් විශේෂ කණ්ඩායමක් පත් කරලා කඩිනම් විසදුමක් ගන්න ඕන කියලා තීන්දුවක් අරගෙන තියෙනවා.මේ පාතාලය නැත්තටම නැති කරන්න රජය කටයුතු කරනවා.පාතාලය හිස එසෙව්වොත් රටේ තියෙන ආර්ථික ප්‍රශ්න වලට වඩා මහා විශාල ප්‍රශ්න ඇති වෙනවා, රට නැත්තටම නැති වෙලා යනවා.

මා ඇතුළු පාර්ලිමේන්තුවේ 225 දෙනාම අද ආර්ථිකයේ සිදුව තිබෙන විනාශයට උත්තර දෙන්න ඕන.හිටපු ජනාධිපතිතුමන්, වර්ථමාන ජනාධිපතිතුමන්, අගමැතිතුමා, කැබිනට් මණ්ඩලය ඇතුළු සියලු දෙනාම උත්තර බදින්න ඕන.අපි එකාට එකා නෑ,හොඳ වැඩක් කරන්න ඉඩ දෙන්නේ නෑ.මේ ඉන්න අයත් හොඳ වැඩක් කරන්නේ නෑ,ඒක තමයි තියෙන ප්‍රධානම ප්‍රශ්නය.අද බලන්න දේශපාලඥයින්ට චෝදනාවන් එල්ල වෙනවා.

මගේ දරුවෝ දෙන්නා යන්නේ කොළඹ ප්‍රසිද්ධ පාසලකට, මගේ දරුවෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ දරුවෝ දෙන්නෙක් ඒ කියලා ඒ පාසලේ අනෙක් ළමයි දන්නවා.මගේ පුතෙකුගෙන් යාලුවෙක් ඇහුවලු “ඔයාගේ තාත්තත් ඇලෝසියස්ගෙන් සල්ලි ගත්තාද” කියලා, මගේ පුතා කිව්වලු “ඇලෝසියස්ගේ ණය ගෙවන්න මගේ තාත්තා ළඟ සල්ලි තියෙනවා ” කියලා.දැන් හැමෝම පාර්ලිමේන්තු මන්ත්‍රී දිහා බලන්නේ හොරෙක් , අල්ලස්කාරකේ, කොමිස් කාරයෙක් දිහා බලන විදිහට.ඇලෝසියස්ගෙන් සල්ලි අරගෙනලු මන්ත්‍රීවරු 118 ක්, මම නම් ඒ කාළයේ ලංකාවේ හිටියේ නෑ මම හිටියේ මක්කම ගිහින්. ජම්පර් අදින්න ඕන අය තමයි පාර්ලිමේන්තුවේ ඉන්නේ.මම එදා ගරු අගමැතිතුමාට කිව්වා, ඔබතුමන් අලුත් අධිකරණයක් පිහිටෙව්වා දැන් ඉක්මනට නඩු අහන්න ඕන කියලා.නමට මේවා කරනවා කියලා කිව්වට විතරක් වැඩක් නෑ කියලා.

කලින් හිටපු ජනාධිපතිතුමන්, ඇමතිවරු, මන්ත්‍රීවරු අද අපේ යහපාලන රජයේ ටොප් ටෙන් කියන නාමය විනාශ කර ගෙන තියෙනවා.මේ කවුරු හරි කමක් නෑ, හොරකම් කෙරුවා නම් ජම්පරේ අන්දලා හිරේ යවන්න.නැත්නම් අපිටත් දේශපාලනය කරන්නත් ලැජ්ජයි.අද ඩොලරයේ මිල ඉහළ යන්න හේතුවත් හරි ප්‍රථිපත්තතියක් නැති එකයි.මම බොහෝම දුකෙන් කථා කරන්නේ අද දේශපාලනයට සිදු වෙලා තියෙන තත්වය ගැන.යැයි මන්ත්‍රීවරයා කියා සිටියේය.

Post Views: 13
Previous Post

පොහොට්ටුව පරාජය කරනවා

Next Post

වැඩි මුදලක් වෙන් කර තියෙන්නේ අධ්‍යාපන ක්ෂේත්‍රයටයි

editor

editor

Next Post

වැඩි මුදලක් වෙන් කර තියෙන්නේ අධ්‍යාපන ක්ෂේත්‍රයටයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දුර බැහැර ප්‍රදේශවල සේවය කරන විශේෂඥ වෛද්‍යවරුන් සඳහා ප්‍රවාහන පහසුකම් ඉල්ලා GMOA වෙතින් රජයට බලපෑම්

දුර බැහැර ප්‍රදේශවල සේවය කරන විශේෂඥ වෛද්‍යවරුන් සඳහා ප්‍රවාහන පහසුකම් ඉල්ලා GMOA වෙතින් රජයට බලපෑම්

15 September 2026
වන විනාශය හෝ පරිසර හානියක් ගැන දැනුම්දීමට 1995ට කතා කරන්න

වන විනාශය හෝ පරිසර හානියක් ගැන දැනුම්දීමට 1995ට කතා කරන්න

15 September 2026
ඉන්ධන මිල සංශෝධනයක් ගැන මෙතෙක් කිසිදු යෝජනාවක් නැහැ

ඉන්ධන මිල සංශෝධනයක් ගැන මෙතෙක් කිසිදු යෝජනාවක් නැහැ

15 September 2026
ඩයස්පෝරා අරමුදල් ලැබුණු බවට  පළ වන චෝදනා රජය තරයේ ප්‍රතික්ෂේප කරයි

ඩයස්පෝරා අරමුදල් ලැබුණු බවට පළ වන චෝදනා රජය තරයේ ප්‍රතික්ෂේප කරයි

15 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වැට් බදු ආරවුලක් සම්බන්ධයෙන් යුනිලිවර් සමාගම ගොනු කළ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කෙරේ

කරුණා පිල්ලෙයාන් දමනය කළා වගේ නාමල් අර්චුනා දමනය කළා

15 September 2026
වැට් බදු ආරවුලක් සම්බන්ධයෙන් යුනිලිවර් සමාගම ගොනු කළ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කෙරේ

වැට් බදු ආරවුලක් සම්බන්ධයෙන් යුනිලිවර් සමාගම ගොනු කළ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කෙරේ

15 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved