• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පාස්කු ප්‍රහාරය නොවැලැක්කු වු අය අද පරික්ෂණ ප්‍රමාදයි කියනවා – ජනමාධ්‍ය ඇමැති කෙහෙලිය කියයි

8 March 2021
in දේශීය

පාස්කු ප්‍රහාරය වලක්වා ගැනීමට නියත වශයෙන්ම අවස්ථාව තිබියදී වගකීම් පැහැර හැර විශාල ඛේදවාචකයක් ඇතිවන තෙක් දෑස් පියාගෙන සිටි උදවිය අද ඒ සම්බන්ධව පරීක්ෂණ ප්‍රමාද වීම ගැන ප්‍රශ්න කිරීම හාස්‍යයට කරුණක් මෙන්ම කතෝලික ජනතාවට කරන බරපතළ අපහාසයක් බවද ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (07) මහනුවර සිරිමල්වත්ත බහුකාර්ය ගොඩනැගිල්ල විවෘත කිරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාව මගින් මේ සඳහා රුපියල් ලක්ෂ 18 ක මුදලක් වැයකර තිබිණි.

ග්‍රාම නිලධාරි වසම් 80 කින් සමන්විත කුණ්ඩසාල මැතිවරණ කොට්ඨාසයේ මේ වෙන විට සේවා පියස හා බහු කාර්ය ගොඩනැගිලි 65 ක් ඉදිකර ඇති අතර ඉන් 60 ,ක් 2015 වන විට ඉදිකර අවසන්ව තිබිණ.

වත්මන් රජය බලයට පත්වීමෙන් පසු තවත් සේවා පියස හා බහුකාර්ය ගොඩනැගිලි පහක වැඩ අවසන් කර ඇත.

පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයකට දින වෙන්කර තිබෙන අතර ඒ සම්බන්ධ නීතිමය කටයුතු සිදු කිරීමට අදාළ ලිපි ගොනු නීතිපතිවරයාට යොමු කර තිබෙන බවද අමාත්‍යවරයා පැවසිය.

මෙයට වසර දෙකකට පෙර පාස්කු ප්‍රහාරය වැළැක්වීමට හැකියාව තිබුණේ එවක පැවති රජයට බවත් කරුණු කාරණා දෙස බැලීමේදී එය නියත වශයෙන්ම වළක්වා ගැනීමට හැකිව තිබුණු බවත් අමාත්‍යවරයා පැවසීය.

ඇතැම් අපරාධ පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ විසින් දවසින් දෙකින් සොයාගන්නා බවද එහෙත් ඇතැම් අපරාධ වසර දෙක, තුන, හතර යන තත්ත්වයෙන්, සංකීර්ණ මට්ටමේ ඒවා බවද හෙතෙම කීය.
කොමිෂන් සභාව පත් කරනු ලැබුවේ වත්මන් රජය නොවන බවත් කොමිසන් සභා වාර්තාව පැමිණි පසු අද එහි ගුණ -අගුණ, සුබ -අසුබ සාකච්ඡාවට ගත හැකි බවත් අමාත්‍ය රඹුක්වැල්ල මහතා මෙහිදී කීය.

මෙම ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේ එහි වගකීම් භාර නොගෙන ඒ පිළිබඳ හිනාවේවි බොහොම සැහැල්ලුවෙන් සාකච්ඡා පැවැත්වූ රාජ්‍ය නායකයින් එවක හැසිරුණු ආකාරය තමන් දුටුවේ කතෝලික ජනතාවට කරන අපහාසයක් ලෙසින් බවද ඒ මහතා පැවසුවේය. ප්‍රජාතන්ත්‍රවාදයට අනුව කළු ඉරිදාවක් ප්‍රකාශයට පත් කිරීම ගැටලුවක් නොවන නමුත් මෙම ප්‍රහාරය පසුපස ඇති කරුණු විශ්ලේෂණය කර ගැනීමද ඉතා වැදගත් බවත් ප්‍රහාරය වලක්වා ගැනීමට කටයුතු නොකළ උදවිය අද මේ පසුපස සිටිමින් රජයට ඇඟිල්ල දිගු කිරීම හාස්‍යයට කරුණක් බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
පාස්කු ප්‍රහාරයට අදාළ ජනපති කොමිසන් වාර්තාව නිකුත්ව තිබුණත් ඒ සම්බන්ධ ඉදිරි පරීක්ෂණ අඛණ්ඩව සිදුකරමින් පවතින බවත් මෙම ප්‍රහාරය පසුපස සිට සැළසුම් කළ අය නීතිය හමුවට ගෙන ඒමට බුද්ධි අංශ ඇතුළු සියලු කණ්ඩායම් ක්‍රියාත්මක බවත් ඇමැතිවරයා පැවසුවේය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ ඇවන්ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපති මහතාට ඇඟිල්ල දිගු කරනු වෙනුවට තැන තැන මේ ගැන නොකියා කරුණු ඇත්නම් වාහාම ඔහු කළ යුත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට හා නීතිය හා සාමය බාරව සිටින කණ්ඩායම් වලට එම තොරතුරු ලබාදීම බවත් කී රඹුක්වැල්ල මහතා එය අසත්‍යයක් නම් එයින් ඉස්මතු වන්නේ ඔවුන්ගේ දේශපාලන වටාපිටාවේ පවතින කුහකත්වය මිස වෙනත් කරුනක් නොවන බවද අවධාරණය කළේය.

 

Post Views: 13
Previous Post

ඉදිරි මහ කන්නයෙන් පසු සහල් මිල පාලනයට පියවර ගන්නවා – රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ

Next Post

රටේ හැමතැනකම ගිහින් පක්ෂය ශක්තිමත් කරනවා – හිටපු ජනපති මෛත්‍රිපාල

editor

editor

Next Post

රටේ හැමතැනකම ගිහින් පක්ෂය ශක්තිමත් කරනවා - හිටපු ජනපති මෛත්‍රිපාල

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved