27 April 2024
#දේශීය

ගෝඨාගේ ඔළුවේ ඇතිවන සිතුවිලි නීති බවට පත් වෙයි – ජවිපෙ අනුර

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඔළුවේ ඇති වන සිතිවිලි නීති බවට පත් කළ හැකි තත්ත්වයක් ඇති කරගෙන ඇති බව ජනතා විමුක්ති පෙරමුනේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඒ මහතා අද (03) පැවැති මාධ්‍ය හමුවේදී පවසා සිටියේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මැඩ පැවැත්වීම සඳහා ගෝඨාභය රාජපක්‍ෂගේ නීතිවලට පාර්ලිමේන්තුවේ අනුමැතිය නොදිය යුතු බවයි.

එහිදී දිසානායක මහතා මෙසේ අදහස් පල කලේය “හදිසි තත්වය ප්‍රකාශයට පත්කරන්න ජනාධිපතිවරයාට බලතල තිබුණත් එය පාර්ලිමේන්තුවෙන් අනුමත කරගන්න ඕනෑ. එය එක දිනයකින් හෝ දීීර්ඝ කර ගන්න අවස්ථාව නොදෙන බව අපි ප්‍රකාශ කරනවා. ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මැඩ පැවැත්වීම සඳහා ගෝඨාභය රාජපක්‍ෂ පනවන ලද නීතිවලට පාර්ලිමේන්තුවේ අනුමැතිය නොදිය යුතුයි. වාරියපොලදී අපේ සහෝදරවරු 08 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. හිටපු පාර්ලිමේන්ත මන්ත්‍රී නාමල් කරුණාරත්න සහෝදරයාගේ වාහනයත් එහි රියදුරාත් කුරුණෑගලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොළොන්නරුවේදී අපේ සහෝදරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ආණ්ඩුවේ මේ බියවැද්දීම්වලට ජනතා විමුක්ති පෙරමුණේ අපි කිසි සේත් යටත් නොවන බව ගෝඨාභයත්, ඔහුගේ පවුලත් ඔහුගේ ආණ්ඩුවවත් දැනගත යුතුයි. අපි ඉතාමත් සාමකාමී ලෙස ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්‍ෂාකර ගැනීමට කටයුතු කරන දේශපාලන ව්‍යාපාරයක්. රටේ සාමාන්‍ය නීති වලංගු නොවන තත්වයක් ඇතිකොට ගෝඨාභයගේ ඔළුවේ ඇතිවන සිතිවිලි නීති බවට පත්කළ හැකි තත්වක් ඇතිකරගෙන තිබෙනවා. යැයි දිසානායක මන්ත්‍රීවරයා පැවසිය.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *