රුපියල් අසූ තුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ චීන ජාතික ව්‍යාපාරිකයින් තිදෙනෙකු අද (03) අලුයම කටුනායක ගුවන් තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.අත්අඩංගුවට ගත් පිරිස අවුරුදු 35, 38 සහ 50 යන වයස්වල පසුවන චීන ජාතික ව්‍යාපාරිකයින් වේ. මොවුන් අද (03) අලුයම 02.45ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 319 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත. ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු 6ක් තුළ චීනයේ නිෂ්පාදිත දුම්වැටි 55,800ක් අඩංගු දුම්වැටි කාටූන් 279ක් සඟවා තිබියදී සොයාගෙන ඇත. කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් සහ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර, මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කෙරෙමින් පවතී.
















