තඹුත්තේගම පොලිස් වසමේ, තඹුත්තේගම – ගල්නෑව මාර්ගයේ රැජින හන්දිය ආසන්නයේදී ඊයේ (26) රාත්‍රී සිදුවූ මාරක රිය අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ගල්නෑව දෙස සිට අන්දරවැව දෙසට ධාවනය වූ කැබ් රථයක්, ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු වහාම තඹුත්තේගම රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇත.
මියගිය තරුණයා ගල්නෑව ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි අයෙකි. අනතුර සම්බන්ධයෙන් කැබ් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, තඹුත්තේගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.















