බොරැල්ල, සිංසි පාරේ පිහිටි කොළඹ අගරදගුරු නිල නිවසට අයත් ගොඩනැගිල්ලක ඊයේ (26) දින හදිසි ගින්නක් හටගෙන තිබේ.
මෙම ගින්න පිළිබඳව බොරැල්ල පොලිසියට ලැබුණු තොරතුරක් මත වහා ක්‍රියාත්මක වූ නිලධාරීන්, කොළඹ මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ සහය ඇතිව ගින්න පැතිරීම වළක්වා එය මැඩපැවැත්වීමට කටයුතු කර ඇත.
ගින්නෙන් ගොඩනැගිල්ලට දේපල හානි සිදුවී ඇති නමුත් වාසනාවකට මෙන් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැත. ගින්න හටගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, බොරැල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.















