උඩරට දුම්රිය මාර්ගයේ ‘දිට්වා’ කුණාටුවෙන් හානියට පත් වූ නාවලපිටියේ සිට තැඹිලිගල දක්වා වූ කොටසෙහි සංවර්ධන කටයුතු නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාරී ජයසිංහ මහත්මිය මෙම අදහස් පළ කළාය. නාවලපිටිය – ගම්පොළ අතර දුම්රිය මාර්ගය සහ ප්‍රධාන මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු නොවැම්බර් මස අවසන් වීමට පෙර සම්පූර්ණයෙන් අවසන් කර ජනතාවට යථා පරිදි ප්‍රවාහන පහසුකම් ලබා දීමට රජය කටයුතු කරමින් සිටින බව ඇය පෙන්වා දුන්නේය.
මෙහිදී වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව විශේෂයෙන් අදහස් දැක්වූ මන්ත්‍රීවරිය, අනුරාධපුර ප්‍රදේශයේදී මෑතකදී පැවැත්වුණු දේශපාලන රැලිය ඉතාමත් පැටලිලි සහගත සහ විහිළුසහගත තත්ත්වයකට පත් වී තිබූ බව දැඩි ලෙස විවේචනය කළාය. යුද්ධය දිනවූ නායකයා ලෙස පෙනී සිටි හිටපු ජනාධිපතිවරයා සමඟ, මීට පෙර “ප්රභාකරන් මගේ දෙයියා” යැයි පැවසූ උතුරේ නායකයෙකුද එකම වේදිකාවක සිටීමත්, “පළමුවත් මව්බිම, දෙවනුවත් මව්බිම” යැයි කියූ විමල් වීරවංශ මහතා එහි මූලිකත්වය ගෙන කටයුතු කිරීමත් කිසිසේත්ම අනුමත කළ නොහැකි බව ඇය කියා සිටියාය.
එම රැලිය වෙත ජනතාව සහභාගි වී නොමැති අතර, එහි සිට ඇත්තේ එක්රැස් වූ සුන්බුන් ටිකක් පමණක් බවත්, හිටපු ජනාධිපතිවරයෙකුට තිබිය යුතු අවම ප්‍රතිරූපයටත් වඩා පහළ මට්ටමකට එම වේදිකාව භාවිත වීම රටම දුටු ඛේදනීය මෙන්ම හාස්‍යජනක තත්ත්වයක් බවද තුෂාරී ජයසිංහ මහත්මිය වැඩිදුරටත් අවධාරණය කළාය.














